Colombo Today Local News

යහපාලන ආණ්ඩුවේ කරුංකා හොරු, තේ හොරු, ගම්මිරිස් හොරු, අන්නාසි හොරුත් ඉන්නා බව ජනපති කියයි

තේ, කරුංකා, ගම්මිරිස්, අන්නාසි ප්‍රති අපනයනයේදී බරපතළ වංචා දූෂණ සිදුව ඇති බව ජනාධිපති මෛත්‍රීප සිරිසේන මහතා ඊයේ මාධ්‍ය ආයතනය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී පැවසූ බව ‘ලංකාදීප‘ පුවත්පත වාර්තා කොට ඇත.

මෙම වංචා පිළිබදව තමන් කැබිනට් මණ්ඩලයේදීද නිතර පවසා ඇතැයි ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් සමග පවසා ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ද අසාමාන්‍ය ලෙස ඉහළ යෑමට හේතුව ආණ්ඩුවේ සමහරුන් ගේ ක්‍රියා කලාපය බව කී ජනාධිපතිවරයා තමා ඒ ගැන ද නිතර පවසා ඇති බව ප්‍රකාශ කර ඇත.

මෙරට කරුකාං අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අපනයන සංවර්ධන අමාත්‍ය මලික් සසමරවික්‍රම මහතා සහ එහි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාය. කරුංකා වංචාවක් සම්බන්ධයෙන් මීට ප්‍රථම ඔවුන්ට චෝදනාද එල්ලවී තිබිණි.

තේ අපනයනය සම්බන්ධයෙන් වගකීම දරන්නේ වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා වන අතර, ගම්මිරිස් හා අන්නාසි අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ සුලු අපනයනයන භෝග අපනයනයන අමාත්‍ය දයා ගමගේ මහතායි.

Related posts

නිකිණි පුර පසළොස්වක පෝය අදයි

colombotoday

යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසු ගැටුමක්… තිදෙනෙක් රෝහලට

colombotoday

දිනකට 100 දෙනෙක්ට නෙළුම් කුළුණෙන් පහළට පනින්න අවස්ථාව

colombotoday

රාජපක්ෂලා එක්ක ඩීල් දමන්නේ කවුද කියා හෙළි වුණා

colombotoday

ප්‍රේමලාල්-රිෂාඩ් පාර්ලිමේන්තු එයි

colombotoday

ෆේස්බුක් තහනම ඉවත් කරන්න ලේසියෙන් බෑ… රජයේ කොන්දේසි මෙන්න

colombotoday