Colombo Today Local News

ජීවිතේ පළවෙනි වතාවට අනුන් හැදූ වාර්තාවක් කියෙව්වා – ජනපති බැදුම්කර ප්‍රකාශය ගැන කියන කතාව

බැඳුම්කර කොමිෂන් සභා වාර්ථාවේ පිටු අඩුවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(26) ප්‍රකාශ කලා.ඒ ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සුහඳ හමුවේදීයි.
“මේ වාර්ථාව අධ්‍යනය කර ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක් ගතවීමට තිබුනද, ඇතැම් අය කල කෑ කෝ ගැසීම් සහ ඝෝෂා කිරීම් නිසා මට මෙම වාර්ථාව දින තුනකට පසු ඉදිරිපත් කරන්න සිදුවුණා.” යැයි මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.
මගේ දේශපාලන ජීවිතයේ පළමු වතාවටයි තනිවම සකස් නොකල ප්‍රකාශයක් ඉදිරිපත් කලේ. කණ්ඩායමක් විදිහට නිතීඥවරු සහ උපදේශකවරු එකතු වෙලයි මේ ප්‍රකාශය සකස් කලේ. දැන් ඇතැම් අය කියනවා මගේ ප්‍රකාශය වැරදියි කියල.විශේෂයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක කියනවා මේක බොරුවක් කියල.
මහ ලොරි රථ දෙකකට වඩා වැඩි බැඳුම්කර වාර්තාවට පදනම් වූ ලිපි ලේකන තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
මෙහිදී මාධ්‍යවේදියකු ප්‍රශ්න කර සිටියේ මෙම බැඳුම්කර ගනුදෙණු ක්‍රියාවලිය කොමිෂන් වාර්ථාවේ සඳහන් වෙන්නේ කොයි ආකාරයෙන්ද?…..කියන වගයි.එහිදී පිළිතුරු දීමේදී ජනාධිපති වරයා යම් අපහසුතාවයකට පත්වූ අතර එම ප්‍රශ්නයෙන් අදහස් වන්නේ කුමක්ද?…. යන්න පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගෙන් විමසා සිටියේය.එහෙත් ලේකම්වරයාගේ පැහැදිළි කිරීමෙන් සෑහීමකට පත් නොවූ ජනාධිපතිවරයා එම මාධ්‍යවේදියාගෙන් ඉල්ලා සිටියේ “මොකද  වෙන්නෙ කියල තව පොඩ්ඩක් බලාගෙන ඉන්න” යනුවෙනි.
එහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මාධ්‍යවේදීන් නොසන්සුන්ව කුටු කුටු ගෑවේ ගනුදෙනු ක්‍රියාවලියක් ගැන නොදැනුවත්වද?….කොමිෂන් වාර්ථාවක් හදිසියේ එළියට දැම්මෙ යනුවෙනි….

Related posts

බොරැල්ල Traffic OIC හප්පා පලා යෑම – මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයාත් අත්අඩංගුවට

colombotoday

විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

colombotoday

ශ්‍රි ලංකා නාවික හමුදාව අභිමානවත් 70 වන සංවත්සරය සමරයි

colombotoday

පොලිස් වෙඩි පහරින් එක් ඇසක් නොපෙනන පාරේ ගිය රාජා මිය යයි

Admin

21 සාකච්ඡා කිරීම ලබන සතියට කල් යයි

colombotoday

පුත්තලම මනාප ප්‍රතිඵල

colombotoday