වෙළෙදපොළට දෛනිකව නිකුත් කරන ගෑස් සිලින්ඩර ප්‍රමාණය අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබේ.
දෛනිකව ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළෙඳපොළට නිකුත් කළ ද එම සංඛ්‍යාව 30,000ක් දක්වා අඩු කිරීමට සිදුවන බව එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසයි.
මේ වන විට පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද ඔහු පවසයි.
කෙසේ වෙතත් මාස දෙකක පමණ කාලයක් මෙම සීමා කිරීම ක්‍රියාත්මක කෙරෙනු ඇත.