Colombo Today Local NewsHot News

Video: මහින්දගේ සාටකෙන් වැටිච්ච උන් මෛත්‍රීගේ සරම අස්සේ. මෛත්‍රිපාල ජනාධිපති තුමනි, පුලුවන්නම් අපිව එල්ලලා මරපන් – හරීන් ප්‍රනාන්දු

අපි ගෙනාපු යහපාලානේ වහපලානේ වෙන පාටක් පෙනෙන්නට තිබෙන බවත් කාලකන්නි රාජපක්ෂගේ සාටකේ ගැලෙවුව බවත් සාටකේ එල්ලිලා හිටපු පුද්ගලයින් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සරම අස්සේ සිටින බවත් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

“අපියි මෛත්‍රිපාල සිරිසේන මහතාව බලයට ගෙනාවේ. අද මහඇමති පුටුවේ ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සරම අස්සේ හිටපු එකෙක්” යැයි පැවසු අමාත්‍යවරයා “අපි හදවතින් දන්නවා… මහින්ද මහත්තයාට වැඩකරපු උන් අද මෛත්‍රී ජනාධිපතිවරයාගේ සරම අස්සේ ඉදන් කෑ ගහද්දි අපිට පොඩි දුකක් තිබෙනවා” යැයි පැවසීය.

මෛත්‍රිපාල ජනාධිපති තුමනි, ඕන්නම් එල්ලලා මරපන් අපිව. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි අපිටයි ඔබතුමා අයිති, අපියි ඔබතුමා ජනාධිපති කලේ.. කියන එක අපි හයියෙන් කෑ ගහලා කියනවා. හදවතට වේදනාව දැනෙන්නේ, මේ වගේ පාහරයෝ අපේ දිස්ත්‍රික්කය කිලිටි කරද්දි, අපේ ගුරුවරු දන ගස්සද්දී, අපේ මන්ත්‍රීවරුන්ට ගහද්දි අපිට මේ බම්බු ඇමතිකම වැඩක් නෑ ජනාධිපතිතුමනි. අපි ගෙනාපු ජනාධිපතිතුමා නිසා අපිට ඔබතුමා විශ්වාසයි. මේ වේදිකාවල නැගලා කොල කොඩි දාලා ඔබ තුමාට රැස්වීම් කරපු මිනිස්සු මෙහෙ ඉන්නේ. අපිට ලැජ්ජයි… අපිට ලැජ්ජයි” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පැවසිය…

Related posts

මහ මැතිවරණයේ දී රාජ්‍ය ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලවලට දේශපාලනය තහනම්

colombotoday

කැබිනට්, රාජ්‍ය ඇමතිලා 30 කට යනෙන මං නැතිවෙයි

colombotoday

ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !

colombotoday

ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමක්

colombotoday

විරෝධතාවයේ නිරත රැඳවියෝ සාකච්ඡා ප්‍රතික්ෂේප කරති

colombotoday

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න ලෝක බැංකුවේ අනුමැතිය

Admin