Colombo Today Local News

මාස 09 ට ලංකා IOC අලාභය මිලියන 650 ඉක්මවයි..

2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා ලංකා IOC සමාගමේ මූල්‍ය වාර්තා මේ වන විට නිකුත් කර තිබේ.

අදාළ වාර්තාවලට අනුව 2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී සමාගමේ බදුගෙවීමෙන් පසු අලාභය රුපියල් මිලියන 340 ක් ලෙසින් සටහන් වී ඇත. මේ අනුව දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී ලංකා IOC වාර්තා කර ඇති අලාභය රුපියල් මිලියන 652 දක්වා ඉහළ ගොස් තිබේ.

සමාගමේ මූල්‍ය වාර්තාවලට අනුව 2016 වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී විකුණුම් ආදායමේ ඉහළ යාමක් වාර්තා වුවද, ඊට වඩා වැඩි වේගයකින් විකුණුම් වියදම් වර්ධනය වී තිබීම කැපී පෙනෙන කරුණකි.

2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තු‍වේ දී සමාගමේ විකුණුම් ආදායම රුපියල් බිලියන 22.02 ක් ලෙසින් වාර්තා වන එය 2016 දෙසැම්බර් 31 කාර්තුවේ දී සටහන් වූයේ රුපියල් බිලියන 20.57 ක් වශයෙනි.

මේ අතර එම කාලපරිච්ඡේදය තුළ දී විකුණුම් වියදම් රුපියල් බිලියන 19.27 සිට රුපියල් බිලියන 21.75 දක්වා ඉහළ ගොස් තිබේ. 2017 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 60.70 සිට රුපියල් බිලියන 67.53 දක්වා ආදායමේ වර්ධනයක් සිදුව ඇති අතර එහිදී විකුණුම් වියදම්වල රුපියල් බිලියන 53.57 සිට රුපියල් බිලියන 65.78 දක්වා ඉහළ ගොස් ඇත.

2017 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 තුළ දී ලංකා IOC රුපියල් මිලියන 650 ක අලාභයක් ලැබූව ද, 2016 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 තුළ දී රුපියල් බිලියන 3.71 ක බදුගෙවීමෙන් ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC සමත් වී තිබිණි.

adaderana.lk

Related posts

සෞඛ්‍ය වෘත්තීයවේදීන් සංකේත වර්ජනයක

colombotoday

කැසිනෝ ප්‍රවර්ධනයට සනී ලියොන් එනවා, ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඉල්ලනවා, සමලිංගිකයන් ලියුම් ලියනවා, හිමියනි රතන වනගත වුණිද ඔබ (Video)

colombotoday

ආරක්ෂක හමුදාවට එරෙහි චන්ද්‍රිකාගේ අවලාදවලට එරෙහිව මහින්දගෙන් තදබල නිවේදනයක් !

colombotoday

රජයට සහයෝගයෙන් වැඩ කළ හැකි පිරිසක් මහජන උපයෝගිතා කොමිසමට පත් කරනවා | ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

colombotoday

අනුරගේ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති සුමන්තිරන්

Admin

හදිසි නීතිය වැඩ අරඹයි.. සමාජ ජාලා ඉලක්ක වේ.. ක්‍රියාකරුවන් අල්ලන්න වෙනම ඒකකයක්

colombotoday