Colombo Today Local News

රජයට සහයෝගයෙන් වැඩ කළ හැකි පිරිසක් මහජන උපයෝගිතා කොමිසමට පත් කරනවා | ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

රජයට සහයෝගයෙන් කටයුතු කළ හැකි පුද්ගලයන් පිරිසක් කඩිනමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කරන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ජනමාධය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සාමාජිකයන් ඇතැම් ව්‍යාපෘති හිතාමතාම ප්‍රමාද කළ බවට සාක්ෂි පවතින බවද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලැබිලා තියෙනවා. එවැනි අවස්ථාවල සාමාන්‍ය සම්ප්‍රදාය තමයි මෙවැනි ආයතනවල ප්‍රධානීන් සහ ක්‍රියාකාරීන් ඉල්ලා අස්වීම. අපි අවුරුද්දක් බලා සිටියා. ඒ කාලයේදී අපිට ප්‍රශ්න ගණනාවක් තිබුණා. විශේෂයෙන් විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති අඩාළ කිරීමට ඇතැම් කණ්ඩායම් හිතමතාම කටයුතු කළ බවට අපට තොරතුරු වාර්තා වෙනවා. ඒ නිසා නීත්‍යනුකූලව එය ඉවත් කරමින් ඒ හා එක්ක සකස්කරවා නැවත පත් කිරීමක් ඉතාමත් මෑතකදී යෝජනා වෙලා තියෙනවා.

මේ කර්තව්‍ය්‍ය ඉතාම සාධාරණව, විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා. මෙතන යම් ප්‍රමාණයක දේශපාලනික වටපිටාවක් තියෙනවා. හැටනම ලක්ෂයක් ඡන්දය දී තුනෙන් දෙකක බලය ලබාදීලා තියෙන රජයකට වැඩකර ගැනීමේ අපහසුතාව තියෙනවා නම් ඒවා ඉවත්කර වැඩ කිරීමට හැකි ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා. නව පත් කිරීම සඳහා නම් කීපයක් යෝජනා වී තිබෙනවා. ඒ හරහා සංවිධාන ව්‍යුහයක් අපි පත් කරනවා.’’

Related posts

මන්ත්‍රී සාරතී දුෂ්මන්තට-බිරිඳට කොරෝනා

colombotoday

ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 39ක් අල්ලයි

colombotoday

මැයි 18දා උතුරේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ…

colombotoday

එජාපය මට දෙන්න, දිනවලා පෙන්වන්නම් – මෛත්‍රී කියයි

colombotoday

දළදා වන්දනාවට උණ්ඩයක් රැගෙන ගිය කතක් මාට්ටු

colombotoday

මහින්දට තිබෙන දේශපාලන පෞරුෂත්වය ජනපති මෛතී‍්‍රට නැහැ – ආචාර්ය නිර්මල් රංජිත් දේවසිරි

colombotoday