Colombo Today Local News

අගමැති ධුරය අතහරින්න සූදානම්

සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි අගමැතිවරයා ප්‍රකාශ කළ බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

මහනායක හිමිවරු නිකුත් කළ ලිපිය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීම සඳහා ඊයේ (අප්‍රේල් 26) පස්වරුවේ අරලියගහ මන්දිරයට වැඩම කළ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේය.

අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී මහා සංඝරත්නය සිය අදහස් පළ කර තිබෙන අතර එහිදී තමන් ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන හිඩැස පිරවීමට යම් කාලයක් ගත වන බවත් එම කාලය තුළ රට අරාජික වන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර කළ බව උන්වහන්සේ සඳන් කළහ.

මි පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සඳහන් කළේ,

“අග්‍රාමාත්‍යවරයා කියනවා… මා ඉල්ලා අස්වෙන්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉල්ලා අස්වීමට මම සූදානම්. එහෙත් ඒ ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන හිඩැස පිරිවීමට කල්ගත වුණාම රටට, රාජ්‍ය පාලනයක් නැති වෙනවා කියලා. මෙන්න මේ හිඩැස පුරවන්න කොච්චර කාලයක් යනවාද? ඒ කාලසීමව තුළ රට සම්පූර්ණයෙන් අරාජික වෙනවා කියලා.

අපි කිව්වා ජනාධිපතිවරයාට තියෙන විධායක බලතල යටතේ රටේ පරිපාලනය මෙහෙයවා ගන්න පුළුවන් කියලා. අගමැතිවරයා දිගින් දිගටම කිව්වා ජනාධිපතිවරයාගේ බලතල යටතේ රට පවත්වාගෙන යන්න බැහැ. අගමැතිවරයා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ඉවත්වන විට රට අස්ථාවර වෙනවා කියලා.

අස්ථාවර වුණොත් මේ තියෙන තත්ත්වය භීෂණයක් බවට පත්වෙයි. තවත් අර්බුද පහළවෙයි. ඒ නිසා මා ඉල්ලා අස්වෙනවා කිසිම සැකයක් නැහැ ඒකාන්තයි. පාර්ලිමේන්තුවේ අනෙක් සියලුම පක්ෂ එකතුකරගෙන ඊළඟ පියවර තබන හැටි ස්ථිරවම තීරණය කරන්න කළාට පස්සේ කියලා.

ඒ කියන්නේ අගමැතිවරයෙක් පත්කර ගැනීම සඳහා ඒකමතික තීරණයකට එන්න කියලා. අගමැතිවරයා කවුරුන්ද? අගමැතිවරයා පත්කරන ආකාරය පිළිබඳව ඒකමතිකත්වයට එන්න.. තමන් තමන්ගේ පදවියෙන් ඉවත්නන් සූදානම් කියන එක තමයි එතුමා කිව්වේ. දැන් අපි මේ සම්බන්ධයෙන් මහනායක ස්වාමින් වහන්සේලා සමග නැවත සාකච්ඡා කරනවා. පක්ෂ නායකයින්ගේ එකමුතුවක් හදාගෙන නැවත මේ සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ වගකීම පෙරමුණු කොටගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.”

Related posts

දේශපාලන පක්ෂවලට සහ පොලිස් නිලධාරීන්ට පොලිස් ඇමතිගෙන් විශේෂ ස්තූතියක්

Admin

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ජනපතිගේ අනුමැතිය

colombotoday

අභියාචනාධිකරණ තීන්දුවට අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලු දීමනා අත්හිටුවයි

colombotoday

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දිවයිනට

Admin

තෙල් ටැංකි ඉන්දියාවට දුන්නොත් රටම නවතී.. තෙල් සේවකයන් සටනට සූදානම් !

colombotoday

මත් කුඩු උවදුර අතුගා දැමිය හැකි එකම පුද්ගලයා ගෝඨාභයයි !

colombotoday