Colombo Today Local News

ප්‍රදේශ රැසකට අද සවස වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව,දකුණ, ඌව සහ වයඹ පළාත්වල අද (26) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද තැනින් තැන වැසි ඇති විය හැකි බව එහි සඳහන් ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

2020 ගෝඨාභය පරද්දන හැටි කතා කරන්න මෛත්‍රී – රාජිත රහස් සාකච්ඡාවක් !

colombotoday

හක්මන පොලීසියේ නිලධාරීන් 04කගේ වැඩ තහනම්

colombotoday

සිවාජිලිංගම්ගෙන් මහ ජාතියට අභියෝග.

colombotoday

කථානායක කරුට එරෙහිව අල්ලස්කොමිසමට පැමිණිල්ලක්

colombotoday

හිස්බුල්ලාගේ ආරක්‍ෂකයාට ඇප

colombotoday

භාරත ඝාතන නඩුව තීන්දුයි.. දුමින්ද සිල්වා ඇතුළු පහකට මරණ දඩුවම

colombotoday