Colombo Today Local News

සියළු ආදායම් යෙදවූවත් ණය පොලී ගෙවීමටත් මදි.. ආර්ථිකයට වෙන්න යන දේ මෙන්න

මෙම වසරද ඇතුළත්ව ඉදිරි වසර තුන තුළ ලංකාව විදේශ ණය වශයෙන් රුපියල් කෝටි ලක්ෂ අටක් ගෙවීමට තිබෙන බව දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා පවා අනතුරු අඟවමින් රටේ ආර්ථිකය අගාධයක වැටී ඇති බවට අනතුරු අඟවනු ලැබීය.

එම දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද උත්සවයකදී කොමසාරිස්වරයා මේ බව හෙළි කළේය. පවතින අනතුරේ තරම ඔහු අවධාරණය කර තිබුණේ ඉදිරි වසර තුළ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ‍්‍රීලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන රජයේ ආදායම් උපයා දෙන දෙපාර්තමේන්තු තුනම ඉපයිය හැකි මුළු ආදායම සහ විදේශ ප‍්‍රදානයන්ගේ එකතුව රුපියල් කෝටි ලක්ෂ තිස් දහසක් වන බවය. රටේ ජනතාවට වතුර පොදක්වත් ලබා දීමට තරම්වත් කිසිදු වියදමක් නොදරා එම ආදායම් සියල්ල විදේශ ණයේ වාරික සහ පොලී ගෙවීමට යෙදවුවද තවත් රුපියල් කෝටි දාහත් ලක්ෂයක් (රු. 1,700,000,000,000) ණයට ගෙන පෙර කී ණය ගෙවීමට සිදු වන බව ඔහු අවධාරණය කර තිබුණි.

රටේ ණය බර ඉදිරි අනාගතයට නොතබන බවට වර්තමාන හවුල් ආණ්ඩුව විවිධ ප‍්‍රකාශ කළද සත්‍ය වශයෙන්ම මේ වනවිට ණය පොලා පනිමින් වර්ධනය වන අතර වාර්ෂිකව ආපසු ගෙවීමට සිදුව තිබෙන ණය වාරික හා පොලී ප‍්‍රමාණය ගෙවීමට රටේ මුළු ආදායම් සහ විදේශ ප‍්‍රදානයන් සියල්ල යෙදවුවද ප‍්‍රමාණවත් නොවන තරමට ණය උගුලක සිර වී සිටියි.

මේ අතර මෙම වර්ෂය සඳහා රජය ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබෙන ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 189,300ක් බව ජනවාරි දෙවන දින කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළ සංදේශයක සඳහන් කර තිබේ. එයින් රුපියල් කෝටි 131,300ක් දේශීය වශයෙන්ද රුපියල් කෝටි 58,000ක් විදේශීය වශයෙන්ද ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇති බව සඳහන්ය.

Lankatruth

Related posts

පුත්තලමේ මුස්ලිම් ජාතිකයන් ISIS එපා කියයි…

colombotoday

එක්නැලිගොඩ ගැන අහන්න හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානියා උසාවි කැදවයි !

colombotoday

රුසියානු විරෝධී චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ

Admin

අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday

මඩකලපුව විශ්වවිද්‍යාලය හදිස්සි නීතිය යටතේවත් රජයට පවරාගන්නා බෑ. හිස්බුල්ලා කියයි

colombotoday

මිහින්තලා රජ මහ විහාරස්ථානයේ විදුලිය විසන්ධි කරයි

Admin