Colombo Today Local News

හරින්ගේ ගෝලයෝ බදුල්ලේදී අහිංසකයෙකුට තලයි

badulla_attack

බදුල්ලේ සිංහලේ ස්ටිකර් ගැසූ ත්‍රීවිලර් රියදුරෙකුට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ආදාරකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.  මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේ තේ පානය සදහා මෙම තරුණයා තවත් තරුණයකු සමග අසල තිබු කඩයකට ගිය අවස්ථාවේදීයි.

බදුල්ල පුද්ගලික බස් නැවතුම්පලේ වෙලාසටහන්කරුවකු ලෙස සැලකෙන යසීර් නමැති කප්පම් කරුවකු සහ තවත් කිහිපදෙනෙකු මෙම පහරදීම සිදුකල බවයි colombotoday.com වෙත අදහස් දැක්වූ පහරකෑමට ලක්වූ තරුණයා ප්‍රකාශ කර සිටියේ.

රෝහල්ගතකර ප්‍රතිකාර ලබන පහරකෑමට ලක්වූ තරුණයාගෙන් තවමත් ප්‍රකාශයක්වත් සටහන් කරගැනීමට පොලිසිය කටයුතු කර නොමැති අතර දේශපාලන බලවතාගේ කීමට පොලීසිය රාජකාරී පැහැර හරින බවයි ප්‍රදේශවාසීන් සදහන් කලේ.

දිනේෂ් ආටිගල – බදුල්ල

Related posts

විමල්ගේ උපන්දින සාදය – Photos

colombotoday

“රැදවුම් භාරයේ ඉන්නා දරුණු ත්‍රස්තවාදීන් නිදහස් කිරීම භයානකයි” – හිටපු ආරක්ෂක ලේකම් තුමා

colombotoday

සැක සහිත 245ක් රෝහල්වල

colombotoday

පෙට්ටි නම් ලෑස්තියි – අපිත් දැන් ලෑස්ති වෙමුනේ ?

Admin

කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මිය යයි

colombotoday

“හමුදාව යොදා හෝ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව කෙරෙන හිංසන නවත්වන්න“ – ජනපතිගෙන් නියෝගයක් !

colombotoday