Colombo Today Local News

අරලිය ගහ මැදුර ඉදිරිපිට විරෝධතාකරුවන් ඉවත් කිරීමට අවසර නෑ

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් මහජන පීඩාවක් වන ආකාරයෙන් විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එය නවතා දමන ලෙසට එම උද්ඝෝෂණකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා අද (25)දින ප්‍රතික්ෂේප කළේය.

උද්ඝෝෂණයේ යෙදෙන පිරිස් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල පාවිච්චි කර එය මැඩපවත්වන ලෙසට දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරයා පොලීසියේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මෙම උද්ඝෝෂණයට සහභාගී වන නිශ්චිත පිරිසක් නම් නොකොට ඉල්ලන ඉල්ලීම් සදහා තමන්ට නියෝග නිකුත් කළ නොහැකි බවත් එම පිරිස් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළහොත් එයට පොලිස් බලය පාවිච්චි කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දුන්නේය.

ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සහාය පලකරමින් යම් පිරිසක් කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරියේදී උද්ඝෝෂණයේ යෙදී ඇති බවත්, මේ හේතුවෙන් එම මාර්ගයේ පදිකවේදිකාව භාවිත කරන ජනතාවට මහත් හිරිහැරයක් සහ කරදරක් සිදුව ඇති බවත් කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණි.

Related posts

ශ්‍රීලනිපය කඩන්න මහින්දට උවමනාවක් නෑ.. වෙනත් අදිසි හස්ථයක් ක්‍රියාත්මකයි – මහින්ද අමරවීර

colombotoday

ඉදිරි දින කිහිපයේදී උදයං විරතුංග ලංකාවට ගෙන්වනවා… මීළගට රනිල්ගේ වාරයයි – හිටපු ජනපති

colombotoday

ඇමති සනත් නිශාන්ත මාධ්‍ය කැදවා වන නිලධාරිනියට නෝන්ඩි කරයි… පුත්තලං බූරුවන්ට ඇමතිකම් දුන්නාම වෙන දේ !

colombotoday

යහපාලන ඇමැති පුතාගේ කෝටි 8ක ජීප් රථය ලියාපදිංචියේදී මාට්ටු

colombotoday

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

colombotoday

ජනපති හා ඒකාබද්ධ විපක්ෂය අතර හදිසි හමුවක් !

colombotoday