Colombo Today Local News

උදයංග වීරතුංගගේ වත්කම් විස්තර අධිකරණයට.. දේපළවලට එරෙහිව තහනම් නියෝග

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත් දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(19) අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කළේය.

ඔහුට අයත් බොරැල්ල, ඇල්විටිගල මාවතේ ට්‍රිලියම් රෙසිඩන්සිස් ගොඩනැගිල්ලද උකස් කිරීම, පැවරීම හා විකිණීම තහනම් කරමින් කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කෙරිණි.

මිග් යානා ගනුදෙණුවේ සැකකරුවෙකු ලෙස නම්කර ඇති උදයංග වීරතුංග මහතාට රුපියල් මිලියන 94ක වත්කම් ඇතැයි ඔහුට අයත් බැංකු ගිණුම් 8ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (18) අධිකරණයට වාර්තා කළේය.

Related posts

ආගමික නිදහස වැඩි කරන්න ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂ 05 ක් !

colombotoday

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වෙයි

colombotoday

ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිගේ නිරීක්ෂණයට

colombotoday

උත්සව සමයේදී දකුණේ වෙළෙඳුන්ට උතුරට ඒම තහනම් කරන්න – යාපනය වාණිජ මණ්ඩල ප‍්‍රධානී

colombotoday

නළු නිළියන්ට සහ හිතවතුන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා – ශම්මි සිල්වා කියයි

Admin

ජේෂ්ඨ පුරවැසි පොලිය පහළට

Admin