හිටපු නාවික හමුදාපති, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවට ඇතුළු වීමට නුසුදුස්සන් බව අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව විසින් ප්රකාශයට පත් කර තිබේ.
වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාපති ලෙස කටයුතු කළ සමයේ මානව හිමිකම් උල්ලංඝණය කළ බව පවසමින් ඔහුට සහ ඔහුගේ බිරිඳ වන ශ්රිමති අශෝකා කරන්නාගොඩ මහත්මියට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇතැයි අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.