Colombo Today Local News

ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමේ බලපත්‍රය අවලංගු කරයි

පෞද්ගලික මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට (Prasanna Money Exchange (Pvt) Ltd) නිකුත් කර ඇති මුදල් මාරු කිරීමේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර තිබේ.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නෙකු ලෙස විදේශ මුදල් මාරු කිරීමට තවදුරටත් අවසර නොමැති බවය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම සමාගමට නිකුත් කර තිබූ බලපත්‍රය තාවකාලිකව අවලංගු කරමින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

එසේම ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම සමඟ විදේශ මුදල් මිල දී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ නීති විරෝධී ක්‍රියාවක් ලෙස සලකන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

Related posts

අධි බල යතුරුපැදි සදහා අවසර හිමි වෙයිද ?

Admin

පැරෂුට් ක්‍රමයට වී වගා කරන ගොවීන්ට 75%ක සහනාධාරයක්..

Admin

මේ ආණ්ඩුව මුක්කු ගසාවත් කෙළින් කල නොහැකියි.. එන ඡන්දයේදී පරාජය අනිවාර්යයි…

colombotoday

යතුරුපැදි සොරා ගෙන මස් කල දෙදෙනෙක් අල්ලයි

Admin

ලොතරැයි පත් අලෙවිය සියයට 40කින් පහළට

colombotoday

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පිළිකා රෝගීන්ට කෝටි 10ක්

Admin