Colombo Today Local News

“ඉදිරියේදී ආහාර හිගයක් ඇති වෙනවා. අපිට තාම අපේ ප්‍රශ්න තියෙන්නේ. ලෝකෙන් එන ප්‍රශ්න ඇවිත් නෑ. “

මෙරට ඇතැම් බැංකු කඩාවැටීමේ අවදානමක පවතින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ මධ්‍යම පන්තිය ද විශාල අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවය.

බැංකුකරුවන්ගේ විශේෂ සම්මන්ත්‍රණයක් ඊයේ (22)දින පස්වරුවේ කොළඹදී පැවැත්වුණු අතර එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියේය.

එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“බැංකු නැතුව ආර්ථිකය ගෙනියන්න බෑ. බැංකු ආරක්ෂා කරන්න ආරක්ෂිත දැළක් අවශ්‍යයි. ඩොලර් නැතිවෙන එකයි බැංකු කඩාවැටෙන එකයි එකතු වුණොත් ඇතිවෙන තත්ත්වය පොඩි ළමයිගේ සෙල්ලමක් වාගේ වෙයි. මොකද මම මෙහෙම කියන්නේ අපේ සමහර බැංකු වැටෙන්න යනවා. සමහර බැංකු අලුතෙන් හදන්න වෙනවා.”

“අපිට තාම අපේ ප්‍රශ්න තියෙන්නේ. ලෝකෙන් එන ප්‍රශ්න ඇවිත් නෑ. හැබැයි දැන් ඒකත් එන්නයි යන්නේ.”

“ඉදිරියේදී ලෝකෙන් ඉන්ධන, ආහාර, පොහොර ආදී ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.”

“ඉදිරියේදී ආහාර හිගයක් ඇති වෙනවා. ලෝකයේ තිරිගු පිටි වැඩි ප්‍රමාණයක් ආවේ යුක්රේනය හා රුසියාව වගේ රටවලින්. එහි නිෂ්පාදන දැන් අඩුවෙනවා.”

“ආර්ථිකය මෙහෙම ඉදිරියට ගියොත් මධ්‍යම පන්තිය නැතිවී යනවා. වැඩකරන ජනතාව දුප්පතුන් බවට පත්වෙනවා. අපි මේවට මුහුණ දෙන්න වැඩසටහනක් ඇතිකළ යුතුයි.”

“මේකෙන් ගොඩඑන්න ආණ්ඩුවේ ස්ථාවරබවක් අවශ්‍යයි. 113ක් තියාගෙන මේ ප්‍රශ්න විසඳන්න බෑ. 175ක් වත් ඕනෑ. කවුරු ආවත් අමාරු තීරණ තියෙනවා. ජනප්‍රියත්වය අනුව යන්න බැහැ.”

“ගියපාර මැතිවරණයේදී කිව්වා මූල්‍ය අර්බුදයක් එනවා කියලා. IMF යන්න ඕනේ කියලා. තිත්ත ඇත්ත කියපු නිසා අපිට ගෙදර යන්න වුණා. අපේ රටේ ජනතාව මේක පිළිගන්න ලෑස්ති වෙන්න ඕනේ. දේශපාලකයින් ඇත්ත කියන්න ඕනේ. නැත්තම් මේකෙන් ගොඩඑන්න බෑ.”

“රටේ ආදායම අඩුවෙලා මේ අර්බුදයට රට ඇදවැටීමට වගකියන්න ඕනේ පුද්ගලික අංශය කියලා මම බය නැතුව කියනවා. මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ජනාධිපතිතුමාට ගිහින් කිව්වා ආදායම් බදු ඔක්කොම අඩු කරනවා නම් රටේ ආර්ථිකය නැගලා එනවා කියලා. ඉතින් දැන් නැගලා ආවේ නෑනේ.”

“මේ වෙලාවේ ජනතාව විශාල වෙනසක් ඉල්ලනවා.මාළිගාව ඇතුලේ කුමන්ත්‍රණ කරලා වැඩක් නැහැ.මහපාරේ තියෙනවා විප්ලවය. ඒක මැදින් තමා දේශපාලනය කරන්නවෙලා තියෙන්නේ. අන්න ඒ තැනට තමා අපි ඇවිත් තියෙන්නේ.”

Related posts

“මම හිගන්නෙක් නෙවෙයි“ – අගමැතිගේ යෝජනාව හිටපු ඇමති විජේදාස ප්‍රතික්ෂේප කරයි

colombotoday

චාවකච්චේරි බෝම්බකරු එඩ්වඩ් ජූලියන්, ප්‍රභාකරන්ගේ සමීප සගයෙක් !

colombotoday

අලුත්ගම ගැටුමේ වින්දිතයන්ට රජයෙන් වන්දි !

colombotoday

විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීමට ජනපතිට යෝජනා

colombotoday

දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරික්ෂණ අරඹයි

colombotoday

‘ජෙමිනොයිඩ්’ උල්කා වර්ෂාව අදත්

colombotoday