Colombo Today Local News

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

රඹුක්කන නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත අද(22)දින කැඳවා තිබේ.

අද පෙරවරු 11.00ට අදාළ නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින නියෝග කර ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ අනුව පොලිස්පතිවරයා, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, කෑගල්ල සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන් කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතය.

මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරන්නේ, පසුගිය 19 වන දින රඹුක්කන නගරයේ පැවති විරෝධතාව පාලනය කිරීම අතර තුර විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර ඇති වු ගැටුම පිළිබදව සිදුකරන ඉදිරි පරීක්ෂණ සඳහා ඔවුන් මෙලෙස එම කොමිසම වෙත කැඳවන බවය.

සිද්ධිය පිළිබඳව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එම කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තාව පදනම් කරගනිමින් මානව හිමිකම් කොමිෂන් සභාව රජය වෙත නිර්දේශ නිකුත් කිරීමට නියමිතය.

රඹුක්කන නගරයේ පැවති විරෝධතාව අතරතුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් නාරන්බැද්ද ප්‍රදේශයේ පදිංචි චමින්ද ලක්ෂාන් නැමැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

Related posts

නිරෝධායන නීති අනුව පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම වැරදියි.. 20 ගැන විවාදය කල් දමන්න – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

colombotoday

ජනපතිගේ අවධානය ගැනීමට නම් තනපටයක් එල්ලා තබන්නැයි සිරගත රණවිරුවන්ට මධුමාධවගෙන් උපදෙස්

colombotoday

ඒ ආණ්ඩුව වගේමයි මේ ආණ්ඩුවත්… සිසුන්ගේ ඔලු පලනවා – ප්‍රහාරය ගැන ජවිපෙ දුක් වෙයි

colombotoday

ගංජා සමඟ ඇල්ලූ සුමන්තිරන්ගේ රියැදුරාගේ සහෝදරයා බලෙන් නිදහස් කරලා

colombotoday

අහින්සක නිරූපමායි නඩේෂනුයි විඳින වේදනාවෙන් ගලවා ගන්නැයි ජනපතිගෙන් අයදියි

colombotoday

ඇවන්ගාඩ් පවරාගැනීමෙන් රජය ඇන ගනී.. ගිවිසුම කැඩුවොත් ඩොලර් කෝටි 40ක් ගෙවන්න වෙයි

colombotoday