Colombo Today Local News

ශ්‍රී ලංකාවේ සහායට ඉන්දියාව එක්වෙයි

ශ්‍රී ලංකාවට ‘හදිසි මූල්‍ය ආධාර’ සපයන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතරාමන් මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව ඉන්දීය මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා උදව් වීමට ශ්‍රී ලංකාවට හදිසි මුල්‍ය ආධාර කඩිනමින් ලබා දෙන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව එම නිවේදනයේ දැක්වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් අතර පසුගිය (19දා) පැවැත්වූ හමුවේදී මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මෙසේ ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා හමුවීමෙන් අනතුරුව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මහත්මිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සමග මෙම හමුව පවත්වා ඇත.

එහිදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මහත්මිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දිය යුතු බවත් ඉතා ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට හදිසි මුල්‍ය ආධාර ලබා දිය යුතු බවත් කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මියට පවසා ඇත.

Related posts

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතය අඩුකරයි

Admin

රට ගිනි තියන ‘පුරවැසි බලයේ‘ පච ලියවිල්ලට එරෙහිව ‘බොදු බලෙන්‘ පොලීසියට පැමිණිළි !

colombotoday

දිලුම් අමුණුගම ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කැදවයි..

colombotoday

බියර් බොතල් 25000 ක් සමග කන්ටේනරයක් පෙරලෙයි.

colombotoday

පැෂන් බග් ගින්න : CCTV දෙන්න බෑම කියයි.. පොලීසිය බලෙන් අරන් යයි !

colombotoday

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday