Colombo Today Local News

කාන්තාවන්ටත් මත්වීමේ සම අයිතිය ඕන.. මත් පනත අහෝසි කළාට එරෙහිව සමනලී උසාවි යයි

කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මංගල සමරවීර ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝනය වී ඇතැයි කියමින් ටෙලි හා සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු විවිධ ආගම් සහ ජාතීන්ට අයත් කාන්තාවන් ‍11දෙනෙකු විසින් මුදල් අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (17) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

නිෂාන්ති බණ්ඩාරනායක , එම්.ඞී.ජේ.බී ප‍්‍රනාන්දු , සමනළී ෂානිකා ෆොන්සේකා ,චන්දිමා රවිනි ජිනදාස , දීපාන්ජලී අබේවර්ධන ,සබ්රීනා එසුෆුලි , ෂාරන්‍ය සේකරම් , රන්දුලා ද සිල්වා , මේනකා ගල්ගමුව ,සුජාතා ගමගේ , විශාකා පෙරේරා තිලකරත්න යන මහත්මීන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ,එම අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාරියන් ගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 14(1) ජී යන වගන්තීන් යටතේ හිමිව ඇති සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ඒ අනුව කාන්තාවන්ට මත්පැන් මිළඳී ගැනීම මෙන්ම එම මත්පැන් අලෙවිසල්වල සේවය කිරීම වළකාලීමද ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව එහි සඳහන් වේ.

Related posts

මානව හිමිකම් කොමසාරිස්‌ ලවා දරුණු කොටි 10 ක්‌ නිදහස්‌ කර ගැනීමේ තැතක්‌

colombotoday

අකුරණ සියලු මුස්ලිම් දේවස්ථාන වසා දමයි

colombotoday

ලංගම සේවකයෝ බස් ධාවනය ඇතුළු සියලුම සේවාවලින් ඉවත් වෙති

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තු හිඟ සේවක පුරප්පාඩුව තවදුරටත්… දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරේ

Admin

ප්‍රභාකරන් සැමරීමට සියල්ල සූදානම්… යාපන විශ්වවිද්‍යාල පරිශ්‍රයේ යුද සැමරුම් ස්මාරක ඉදිවේ

colombotoday

හඩ පටයෙන් සියල්ල හෙළි වේ… ගිං-නිල්වලා ව්‍යාපෘතියේ ඇමති දෙපළකගේ සුපිරි ගැහිල්ලක් එළියට…

colombotoday