Colombo Today Local News

ගාලු මුවදොර අරගල භුමියට ආ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්

ගාලු මුවදොර අරගල භුමියට පැමිණි පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

එම පොලිස් සැරයන්වරයා කුට්ටිගල පොලිස්ථානයට අනියුක්තව රාජකාරි කළ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කරයි.

පසුගිය 14 වැනිදා සිය නිල ඇඳුම පැළඳගෙන උද්ඝෝෂණ භූමියට පැමිණිම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය.

එහිදී අධිකරණය නියෝග කළේ , එම පොලිස් සැරයන්වරයා ලක්ෂ 03 බැගින් ශරීර ඇප 03 ක් මත මුදා හරින ලෙසයි.

Related posts

“එක රණවිරුවෙක්වත් අපි හිරේ දාල නෑ.. මේක රණවිරුවන්ට ගෞරවය දෙන ආණ්ඩුවක්“ – මරික්කාර්

colombotoday

පැය 24 ක් තුළ සිදු වූ රිය අනතුරුවලින් 12ක් මරු දකී..

colombotoday

කටුනායක – චෙන්නායි අතර ගුවන්ගමන් තාවකාලිකව නවතී

Admin

බැසිල්ට උඩින් යන්න දිවි නැඟුමේ කෝටි 15ක්

colombotoday

සමාජ ජාල අවහිර කිරීම බරපතල මාධ්‍ය මර්දනයක පෙරනිමිත්තක් ? – මාධ්‍ය සංවිධාන රජයට දෙහි කපයි

colombotoday

කුඩු සලිදුත් රටින් පැනලා?

Admin