රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට, කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට සහ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මෙම සිදුවීමේදී අගතියට පත් පාර්ශවයන්ට හා සාක්ෂිකරුවන්ට ස්වාධීනව විමර්ශනවලට සහ අධිකරණ කටයුතුවලට සහභාගිවීම සඳහා මේ පියවර ගත් බව ද පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
මේ අතර, රඹුක්කන විරෝධතාවයේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යෑම ගැන සිදු කරන විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.