Colombo Today Local NewsHot News

අගමැතිගේ අනුදැනුමෙන් මුදල් ඇමතිගේ අනුමැතියෙන් ඡන්ද දායකයින් ප්‍රවාහනය කළ බව බදුර්දීන් පිළිගනී

පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා රිෂාඩ් බදුර්දීන් විසින් මැයි 01 දින මාධ්‍ය නිවේදනයක් යොමු කර තිබෙනවා. එමගින් අදාළ චෝදනාවට මූලික වූ කාරණය පිළිගන්නා ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි පිරිස අමාත්‍යංශයේ වියදමින් උතුරු පළාතට ප්‍රවාහනය කළේ හිටපු අගමැතිවරයාගේ ද උපදෙස් මත බවයි. එහෙත් එම කටයුත්ත ඉතාම නිත්‍යානුකූලව සහ විනිවිදභාවයෙන් යුතුව සිදු කර ඇති බව ඔහු කියා සිටී.

ඒ සඳහා අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති ඒකකය මගින් ලංකා ගමනාගමන මණ්ඩලයේ පුත්තලම ඩිපෝවට මුදල් ගෙවූ බවද පිළිගන්නා නමුත් එය වරදක් ලෙස ඔහු නොදකී. අවතැන් වූ බව කියන අදාළ ඡන්දදායකයින් (උතුරු පලාතේ අවතැන්වූවන්ගේ සංවිධානය) තමන්ට ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙස විසින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබූ බවත් ඒ අනුව එම ඉල්ලීම ඉටු කර දෙන ලෙස විෂයභාර අමාත්‍යවරයා වන තමන්ගේ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අගමැති කාර්යාලයෙන් දන්වා තිබූ බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

රිෂාඩ් බදුර්දීන් විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

“පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි අවතැන් වූවන් 12500 තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට යාමට ප්‍රවාහන පහසුකම් ලබාදීමට හිටපු අමාත්‍ය රිශාඩ් බදුර්දීන් මහතාගේ අමාත්‍යංශය යටතේ ඇති දීර්ඝ කාලීනව අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මගින් ලංකා ගමනාගමන මණ්ඩලයේ පුත්තලම ඩිපෝවට මුදල් ගෙවීම නීති විරෝධී යැයි සඳහන් කරමින් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලදි.

ඉහත චෝදනාවන්ට හේතු වන්නේ පුත්තලම ප්‍රදේශයේ සිටින දීර්ඝ කාලීන අවතැන් වුවන් උතුරු පලාතේ තමන්ගේ ගම් බිම් වල ඡන්දය ප්‍රකාශ කිරීම සදහා යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙස උතුරු පලාතේ අවතැන්වූවන්ගේ සංවිධානය විසින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබිණි. එම ඉල්ලීම ඉටුකර දෙන ලෙස එම විෂයභාර අමාත්‍යංශයේ ලේකම් වෙත එනම් හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතාගේ අමාත්‍යංශය වෙත අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක විසින් ලිඛිතව දන්වා තිබිණි.

ඉහත ඉල්ලීම ඉටුකිරීම සදහා අවශ්‍ය ගෙවීම් සිදුකිරීමට දීර්ඝ කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ ඉල්ලීම මත විෂයභාර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මැතිතුමා විසින් එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගෙන් ඉල්ලීමක් කරන ලද අතර ඒ සදහා නිසි අනුමැතියද ලබාදෙන ලදී.

එවක අග්‍රාමාත්‍යතුමාගේ අනුදැනුම මත හා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට අනුව දීර්ඝ කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් රජයේ ආයතනයක් වන ලංකා ගමනාගමන මණ්ඩලයේ පුත්තලම ඩිපෝවට එම ජනතාවගෙන් නැවත ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත මුදල් ගෙවන ලදී. තවද එම මුදල දින 6කට පසුව එම අවතැන්වුවන්ගේ සංවිධානය විසින් නැවත ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත ගෙවා ඇත.

මෙම කටයුත්ත ඉතාම නිත්‍යානුකූලව සහ විනිවිදභාවයෙන් යුතුව දීර්ඝ කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මගින් සිදු කර ඇත.

මෙම දීර්ඝ කාලීනව අවතැන් වුවන් හට තමන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කර ගැනීම සදහා පැවති රජයන් විසින් අවශ්‍ය පහසුකම් කලක සිට සපයන ලදී. පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම වන ඡන්ද අයිතිය ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව මගින්ද සහතික කර ඇත. එබැවින් ඉහත ක්‍රියාවලිය එම මූලික මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමක් වන බැවින් සහ සියළු කටයුතු නියමාකාරයෙන් සිද්ධ කිරීම රජයේ වගකීමකි.

අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව හරහා කරන මෙම ක්‍රියාවලිය හුදෙක් මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන විරුද්ධ මත දරන්නන් දඩයම් කර දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කරන ක්‍රියාවක් බව ඉතා පැහැදිලියි.

එබැවින් ඉහත කරුණු හේතු කොටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.”

Rivira

Related posts

ආර්ථික බලවතුන්ගේ G-7 කණ්ඩායම ලංකාවට ණය සහන දීමට තීරණය කරයි

colombotoday

“බබා ෂැංග්‍රීලා එකේ, බේබද්දා කාණුවේ, අපි බලයේ“ – ජනබල විරෝධය ගැන අගමැති කියයි

colombotoday

බස් දෙකක් ගැටී සිසුන් 21ක් රෝහලේ…

Admin

රාජගිරියේ අනතුර වෙලාවෙ මම ගෙදර හිටියා කියලා පරීක්ෂණවලින් ඔප්පු වුනා… මම නිදොස් !

colombotoday

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

colombotoday

කරවල හොරෙන් කා දුවන බළලාට උම්බලකඩ පොල්ලෙන් ගහලා – රවීට දුන් දඩුවම ගැන අනුර කියයි

colombotoday