ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර්වලට අවහිර කිරීමෙන් සහ අලාභානි කිරීමෙන් වළකින ලෙසට සාමකාමී විරෝධතාවලට නිරත පිරිසගෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දිවයින පුරා ඊයේ පැවති විරෝධතාවලදී මෙවැනි සිද්ධීන් රැසක් වාර්තා වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
ඉන්ධන බවුසර් රථවලට මේ ආකාරයෙන් අවහිර කිරීමෙන් සහ පහරදී අලාභ හානි කිරීමෙන්. ඉන්ධන ප්‍රවාහනය අඩපණ වුහොත්, අවශ්‍ය සේවාවන් වන ආහාර, ඖෂධ, ඇතුළු අනිකුත් සැපයුම් ජාල අඩපන වීමට ඉඩ ඇති බවද හෙතෙම කියා සිටියේය.