ArticlesColombo Today Local News

නාග විහාරාධිපති නාහිමිගේ ආදාහනය සහ යාපනයේ අළු යට ගිනි පුපුරු

විටිගමුව පුරාණ විහාරය හා යාපනයේ නාග විහාරය යන උභය විහාරාධිපති උත්තර ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක ධුරය දැරූ ශ‍්‍රී රෝහණ මහා සංඝ සභාවේ උපාධ්‍යාය ධුරන්දර අතිපූජ්‍ය කඩවැද්දුව නන්දාරාමාභිධාන නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වශයෙන් පැවිද්ද හා උපසම්පාදව ලැබූ පූජ්‍ය මීගහජඳුරේ ඥානරතන නායක ස්ථවිරයන් වහන්සේ තම ගුරු දේවයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ උතුර හා නැගෙනහිර මූලික කරගෙන ඇතිවූ ත‍්‍රස්තවාදී අරගලයේදී යාපනයේ හා නැගෙනහිර සාමාන්‍ය සිවිල් ජනතාවට හා රාජ්‍ය හා පෞද්ගලික දේපොළවලට අප‍්‍රමාණ වශයෙන් සිදුවූ ආලාභ හානිය හා විනාශය යාපනයේ නාග විහාරස්ථානයට උදාවී තිබූ අවස්ථාවක තම විහාර පරපුරේ ජ්‍යෙෂ්ඨ පැවිදි උතුමන්ගේ ද සම්පූර්ණ ආශිර්වාදය හා මග පෙන්වීම අනුව යාපනයේ නාග විහාරාධිපති පදවියට පත්වූහ.

එම පදවියට පත්වීම ප‍්‍රධාන කරුණු දෙකක් අනුව උන්වහන්සේට සුවිශේෂී වූවාට සැක නැත.

01. උතුරේ යුද ගිනිදැල් බුර බුරා නගින අවස්ථාවක විහාරාධිපති ධුරයට පත්වීම.
02. සපුරා විනාශ වූ නාග විහාරය ගොඩ ගන්නට සිදු වීම.

එම අභියෝගය මැනවින් තේරුම්ගෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි කෙලෙස් දහම් දුරු කරගෙන සහජීවනයෙන් යුතුව මෛත‍්‍රිය, කරුණාව, දයාව, අවිහිංසාව හා පරාර්ථ සේවය ආදියට ප‍්‍රමුඛතාව ලබා දෙමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව හොඳින් තේරුම් ගෙන ඉවසීමෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමට උන්වහන්සේ දක්‍ෂ වූහ.

නාග විහාරය සුනුවිසුනු කර බිමට සමතලා කර තිබූ අවස්ථාවකයි උන්වහන්සේ නාග විහාර භූමියට පා නැගුවේ. යුද ගිනිදැල් හතරවටින් නැගෙද්දී ඊට නොබියව මුහුණ දීමේ එඩිතර බවත්, අභිීතභාවයත්, දෙමළ ජනතාවත් සමග සහජීවනයෙන් කටයුතු කිරීමටත් උන්වහන්සේ ඇති කරගත් හැකියාව අගය කළ යුතුය.

උන්වහන්සේ ඉපදුණේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මීගහජඳුර නම් ගම්වරයෙහි වුවද උන්වහන්සේ පැවිදි භූමියට පත් වූයේ දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගමුව පුරාණ විහාරස්ථානයේය. උන්වහන්සේ ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මාතර දිස්ත‍්‍රික්කයේ කඹුරුපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සපුගොඩ විද්‍යානිකෙත විද්‍යායතන පිරිවෙනේ හා බස්නාහිර පළාතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ හුනුපිටිය ගංගාරාම විහාරස්ථ ජිනරතන පිරිවෙනෙනි. උපසම්පදාව ලැබුවේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ‍්‍රී රෝහණ සංඝ සභායත්ත මංගල උපෝසථාගාරයේදීය.

උන්වහන්සේ ජීවත් වූයේ ශ‍්‍රී ලංකාෙවේ උතුරු පළාතේ යාපනය දිසාවේ නාග විහාරස්ථානයෙහිය. අපවත් වී ආදාහනය සිදු කළේද යාපනයේදීය. උත්තර ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ධුරයන් පිදුම්ලැබූ උන්නහන්සේගේ සේවාව දියත් වූයේ ද යාපනය ප‍්‍රදේශය මුල්කරගෙනය.

දෙමළ ජාතික සන්ධානයට හෝ දෙමළ ජනතාවට හෝ ප‍්‍රභාකරන්ට උන්වහන්සේගේ කිසිඳු එරෙහි වීමක් හෝ ප‍්‍රකාශයක් කිසි දිනෙක සිදු කළේ නැත. දෙමළ ජනතාවගේ අවශ්‍යතා සම්බන්ධයෙන් ශක්ති ප‍්‍රමාණයෙන් ආරක්‍ෂක සේවාවන් හා රජයන් සම්බන්ධීකරණය කරමින් දෙමළ ජනතාව වෙනුවෙන් උන්වහන්සේ ඉටු කළ බව රටම දනී.

එහෙත් මේ සියල්ල නොතකා හරිමින් උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ ශ‍්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයට උසාවි තහනම් නියෝගයක් නිකුත් කරවීමට පියවර ගැනීම යුතුද? අපේ රජය පෙන්නුම් කරන සහජීවනය, සංහිඳියාව මේක ද?

පරිසරයට හා සෞඛ්‍යයට හානිකර බවක් කියමින් යාපනයේ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ ද දෙමළ ජනතා නියෝජිතයන්ය. එම උත්සාහයේදී හින්දු සංස්කෘතික කවුන්සිලය ප‍්‍රමුඛ වී ඇත. හින්දු සංස්කෘතිය හා බෞද්ධ සංස්කෘතිය අතර ගැටීමක් නොමැති බවත් ඉතා සමීප සබඳතා ඇති බවත් පෙන්වා දීමට කැමැත්තෙමු. දෙමළ අන්තවාදීන්ගේ වුවමනාව පිරිමසාලමින් 2017 දෙසැම්බර් මස 22 වන දින පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා කාලයට බලපවත්වන පරිදි එම ආදාහනයට අදාළ තහනම පැනවීමේ යාපනය මහේස්ත‍්‍රාත් උසාවි නියෝගය නාග විහාරයේ විහාරාධිපති හිමිට පනවා තිබුණි. එම තහනම් නියෝගය නාග විහාරයට ගෙනැවිත් දුන්නේ දෙමළ නිලධාරීත් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා සිංහල භාෂාව දන්නේ නැත. අපි දෙමළ භාෂාව දන්නේ නැත. භාෂා ගැටලූව උත්ගතවන ආකාරය ප‍්‍රායෝගිකව අත්දුටු අවස්ථාවකි මේ. එහෙත් තත් ආදාහන පූජෝත්සවය සහභාගිවීම සඳහා වැඩම කරසිටි සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෙමළ විෂය පිළිබඳ කථිකාචාර්ය පූජ්‍ය ජූලම්පිටියේ මංගල ස්වාමීන් වහන්සේ එම උසාවි නියෝගය කියවා එය භාරදීමට පැමිණ සිටි දෙමළ නිලධාරීන් දෙදෙනාට පැහැදිලි කර දුන්නේ යාපනය නාග විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන පෙරහර දැන් පන්සලෙන් පිටත් වී ආදාහනය පැවැත්වෙන යාපනය නගරසභා පිටිය කරා ගමන් කරන බවත් අපවත්වී සිටින්නේ එම විහාරාධිපති හිමියන් බැවින් මෙම නියෝගය අදාළ අය දැනට විහාරස්ථානයේ නැති බව පැමිණ සිටි නිලධාරීන්ට දැනුම් දුන්හ.

ඒ මොහොතේ නාග විහාරය තුළ රැුඳී සිටි මා ඇතුළු මහ සඟරුවන දැඩි කම්පනයකට පත් විය. දෙමළ ජනතාව සමග එකට ජීවත්ව සිටි ඔවුන්ගේ යහපත වෙනුවෙන් තම කායික මානසික බලය මෙහෙයවමින් කැපවීමෙන් සේවය කළ ස්වාමීන් වහන්සේගේ ආදාහනය තහනම් කිරීමේ නියෝගය මේ රටේ සංහි`දියාවට හේතු වේද? මේ පවත්වන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ආදාහනයද? ශ‍්‍රී ලංකාවේ කිසිදු ප‍්‍රදේශයකින් මේ ආකාරයට බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකගේ ආදාහනයක් තහනම් කළ තවත් අවස්ථාවක් මෙතෙක් සිදු වී නැත. මේ තහනම ලබා ගැනීමට වෙහෙසුන දෙමළ ජාතිකයන් වූයේ එල්.ටී.ටීඊ සංවිධානයේ නායකයකු වූ එලිලන්ගේ බිරිඳ වූ ආනන්දි සසිකරන් මහත්මිය, එම්.කේ. සිවාජිලිංගම් මහතා උතුරු පළාතේ සභාපති සිවඥානම් මහතා ද්‍රවිඩ සංවිධානයේ මන්ත‍්‍රී ශ‍්‍රීධරන් මහතා ජනාධිපති නීතීඥ ශාන්තා අබිමානසිංහම් මහතා, නීතීඥ මනිවන්නන් මහතා, සුරේෂ් පේමචන්ද්‍ර මහතා ටෙලෝ සංවිධානයේ නායක අලෙයිකඩනාදන් මහතා හා දෙමළ කොංග‍්‍රසයේ ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා යන පිරිසයි.

දෙමළ දේශපාලනඥයන් මෙන්ම දෙමළ අන්තවාදීන් වශයෙන් සහජීවනයට බාධා ගෙනදෙන එසේම සංහිඳියාව තුරුල්කරන මෙවැනි උත්සාහයන් ගත්තත් සහෝදර සාමාන්‍ය දෙමළ ජනතාව සිංහල ජනතාව හා බෞද්ධ භික්‍ෂූන් කෙරෙහි පවත්වන්නේ ලෙන්ගතු හිතෛෂී භාවයකි. මේ ගැන සිංහල ජනතාව මෙන්ම බෞද්ධ භික්‍ෂූන් වහන්සේ විශාල ගෞරවයකින් පිළිගනිති. සාමාන්‍ය දෙමළ ජනතාව හා සාමාන්‍ය සිංහල ජනතාව අතර මෙසේ දීර්ඝ කාලයක සිට පවතින ලෙන්ගතු අන්තර් හඳුනා ගැනීම හා සබඳතාව ඉතා ඉහළ මට්ටමක පවතී. නමුත් පසුගිය කාලයේ ක‍්‍රියාත්මක වු ත‍්‍රස්තවාදී වැඩපිළිවෙළ තුළින් මේ තත්ත්වයන්ට අහිතකර බලපෑම් ඇති නොවුණා යැයි කාට නම් කිව හැකිද?
මේ අයුරින් එම ආදාහන පූජෝත්සවය තහනම් කිරීමට දෙමළ දේශපාලඥයින් වගේම දෙමළ අන්තවාදීන් පියවර ගත්තා මිසක් සහජීවනය හෝ සන්හිඳියාව අරමුණු කොට ශෝක ප‍්‍රකාශයක් පළකිරීමට හෝ සංවේගය පළ කිරීමට අඩුම වශයෙන් සන්හිඳියාව ගැන හඩ නගන දෙමළ සංවිධාන හෝ දෙමළ පුරවැසියන් ඉදිරිපත් නොවුයේ කවරකුගේ හෝ කවර සංවිධානයක හෝ අනිසි බලපෑම් කියා ද? යන සැක මතු වන්නේ උතුරු පළාත් සභාව හෝ පළාත් මහ ඇමැති හෝ මන්ත‍්‍රීවරයෙක් හෝ නාග විහාරාධිපති හිමිගේ අපවත්වීම සම්බන්ධයෙන් සංවේගයක් හෝ ශෝක ප‍්‍රකාශයක් හෝ පළ නොකිරීම නිසයි. සිංහල ජනතාවට හා බෞද්ධ භික්‍ෂූන්ට ඇතිවන සැකය තව තවත් තහවුරු වන්නේ එබැවිනි. සිංහල ජාතිකත්වය හා බෞද්ධ භික්‍ෂූන්ගේ භික්‍ෂුත්වය නොතකා හැරීම හා ඊට ගැරහීම ඔස්සේ මතුවී ආවේ දෙමළ ජාතිවාදයේ තරම මෙයින් පෙන්නුම් නොකෙරේද?

ආනන්ද කුමාරස්වාමි මැතිතුමා ලක්‍ෂ්මන් කදිරගාමර් මැතිතුමා, දේවනායගම් මැතිතුමා, චෙල්වනායගම් මැතිතුමා, අප්පාපිල්ලේ අමිර්තලිංගම් මැතිතුමා, දොරේ අප්පා නගාරධිපතිතුමා වැනි දෙමළ නායකයින්ගේ අභාවයන් හිදී සිංහල ජනතාවත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාත් දැඩි සේ කම්පාවට පත් වූයේ ඒ ඒ පුද්ගලයන් ශ‍්‍රී ලාංකික සමාජය තුළ කැපී පෙනුණ විශිෂ්ටයන් වූ නිසාවෙනි.

හෙළ සංස්කෘතිය තුළ මියගිය සම්භාවනීය ගිහි පැවිදි බොහෝ දෙනාගේ ශ‍්‍රී දේහයන් ආදාහනය කිරීම විශේෂ වශයෙන් දක්නට හැක. රටේ විවිධ පළාත් පාලන ආයතන බල ප‍්‍රදේශය තුළ අද වන විට ආදාහනාගාර ඉදිකොට දේහයන් ආදාහනය කරති. සෞඛ්‍යයට හානිකර හෝ පරිසර ¥ෂණය වේයැයි කියමින් ශ‍්‍රී ලංකාවේ කිසිම තැනකින් ආදාහනෝත්සවයක් තහනම් කර නැත. එවැනි තත්ත්වයක් තුළ යාපනයේ නාග විහාර නාහිමි ආදාහනය තහනම් කිරීමට නීතීඥවරුන් 12 දෙනකු ගත් ඒ ජාතිවාදී පහත් වෑයම පිළිකුලෙන් යුතුව හෙළා දැකීම නැවත නැවතත් ජාතිවාදී ගිනි දැල් මතුවීම වළක්වා ගැනීමට පියවර ගැනීම සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ දෙනාගේ වගකීමක් කොට ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙමි.

විශේෂයෙන් එම ආදාහන පූජෝත්සවය ඉතා සාර්ථකව ගිහි පැවිදි විශාල පිරිසක් මධ්‍යයේ යාපනයේ නගර සභා පිටියේ සිදු කරන්නට ඉඩ කඩ සළසා දුන් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් ගරු මහේස්ත‍්‍රාත්තුමා වෙත ඉතා පැහැදිලිව කරුණු ඉදිරිපත් කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් නඩුකාරතුමා එම තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගය ලබා දී ඇත.

අප රටේ සිංහල ජනතාව හා මහා සංඝරත්නය වෙනුවෙන් කළගුණ සැලකීමේ උදාර ගුණයට ඉඩකඩ සලසාලමින් යාපනයේ ගරු මහෙස්ත‍්‍රාත් සදීවරන් මහත්මාට විශේෂ ස්තුතියක් පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගතිමි. එසේම පොලිස්පතිතුමා ඇතුළු සියලූ පොලිස් නිලධාරීන්ටත් අපගේ ගෞරවය පිරිනමමු.

විශේෂයෙන් මෙම ආදාහන පූජෝත්සවය වෙනුවෙන් අප‍්‍රමාණ වෙහෙසක් ගත් ශ‍්‍රී ලංකාවේ යුද හමුදාපතිතුමා හා උතුර භාර අඥාපතිතුමා ඇතුළු තත් ප‍්‍රදේශ භාර සියලූ යුද හමුදා විරුවන් සියලූ කටයුතු සංවිධානය කළා සේම ඉතා දර්ශනීය ආදාහන පෙරහරක් පවත්වා, අපවත් වූ ඒ නාහිමියන් සිදු කළ උදාර මෙහෙවරට උපහාර පුද කිරීමෙන් කළ විශිෂ්ට සේවා වෙනුවෙන්් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ හා සමස්ත ජනතාවගේ ප‍්‍රශංසාව හා ගෞරවය පිරිනමමු.

විශේෂයෙන් ආදාහන පූජෝත්සවයේ සියලූ කටයුතු මනා ලෙස සංවිධානය කර ගැනීමට සහය දෙමින් ආදාහන කටයුතුවල විශාල බරපැණක් දරමින් සුවිසල් මෙහෙවරක් කළ නාගදීප විහාරයේ නායක හිමියන්ගේ උපදෙස් පරිදි නාගදීප විහාරයයේ පොඩි හාමුදුරුවන්ට අපගේ ගෞරවය හා ප‍්‍රශංසාව පිරිනමමි. උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු රෙජිනෝල්ඞ් කුරේ මැතිතුමාණන් සියලූ තත්ත්වයන් සමබර කරගනිමින් ඉතා ගෞරවාන්විතව ආදාහන පූජෝත්සවය සාර්ථක කර ගැනීමට දැක්වූ සහයෝගය අප‍්‍රමාණයයි විශ්වාස කරමි. එතුමාට අපගේ විශේෂ ගෞරවය පිරිනමමු.

එසේම ශ‍්‍රී ලංකාවේ සිව්දෙසින්ම යාපනයට වැඩම කළ මහා සඟරුවනටත් සහාය පළකළ සිංහල, දෙමළ, මුස්ලිම්, ජනතාවටත් අපගේ ගෞරවය හා ප‍්‍රශංසාව පළ කරමු.

භද්‍ර යෞවනය යොදා ගනිමින් මරණීය තර්ජන ගර්ජන හමුවේ නොසැලෙමින් විනාශ වී තිබූ යාපන නාග විහාරය යථාවත් කර ගොඩ නගන්නට අප‍්‍රමාණ කැපකිරීම් කරමින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ද යාපනයේ වැඩ වෙසෙමින් දෙමළ ජනතාව වෙනුවෙන් සිදු කළ උදාර සේවාව වෙනුවෙන් ද මුළු මහත් ජාතියේම ගෞරවය උන්වහන්සේට හිමි විය යුතු බව අවධාරණය කරමින් උන්වහන්සේට උතුම් නිවනින් සැනසීමට ඒ පිං ද හේතුවේවායි ප‍්‍රාර්ථනා කරමි.

යළි කිසිදිනක ශ‍්‍රී ලංකාවේ යුද ගිනිදැල් නොමවේවා! ජාතිවාදය දුරින් දුරුවේවා!
ජාතීන් අතර සමගිය එකමුතුකම ඇතිවේවා!
මෙයට, ශාසනෝන්නතිකාමී,

ශාස්ත‍්‍රපති පූජ්‍ය
ඕමාරේ කස්සප අනුනාහිමි

උපුටා ගැනීම – රිවිර පුවත්පත

Related posts

රජයේ බැංකු නිලධාරීන්ට දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරයි නම් ඔවුන් ඉවත් කරනවා- ජනපති

colombotoday

මිලියන් 500ක් ඉල්ලා හිටපු ඇමති විජේදාසගෙන් “කැෆේ” කීර්තිට එන්තරවාසියක් !

colombotoday

එනසාල් කිලෝව රු. 13000 යි

colombotoday

අකුණු සැර වැදී එකම පවුලේ සොහොයුරන් තිදෙනෙක් රෝහලට

Admin

බෝම්බයක් සමග කාන්තාවක් දෙල්ගොඩදී අල්ලයි

colombotoday

මහ බැංකුව මාස හයකට ණය සහන ඉල්ලයි

colombotoday