Colombo Today Local News

විපක්ෂ නායක ටොන් පච කියන්නේ – කතානායක-සජිත් උණුසුම් වචන හුවමාරුවක

පක්ෂ නායකයන් කිව්වොත් ජනපති ඉවත්වීමට සූදානම් යැයි තමා කීවෙි නැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

තමා එවැනි කතාවක් කීවේ යැයි සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් මාධ්‍යයේ යන බව කී කතානායක වරයා එය අසත්‍යක් බව ද සඳහන් කළේය.

“113ක් ආවොත් ආණ්ඩුව දෙන්න සූදානම් බවයි ජනාධිපතිතුමා පැවසුවේ.ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කියන්න පාර්ලිමේන්තුවේ 225ටම බලයක් නැති බව ඔබතුමා තේරුම් ගන්න”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-

මා ඉදිරිපිට දිනේෂ් ගුණවර්ධන මහතා හිටියා. ඔබතුමා එවැනි කතාවක් කිව්වා.ඔබතුමා වැරදි විග්‍රහයක් කරනවා.මෙතන පැමිණ මා පැවසූයේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ඔබතුමා කියූ දෙයයි. ඒ වගේ කතා දැන් කියන්නෙපා.ඔබ තුමා කතානායක නොවෙයි. පචයෙක්.

කතානායක:-

ටොන් පච කියන්නේ ඔබයි.

සජිත් ප්‍රේමදාස මහතා:-

මට කිසිම උවමනාවක් නැහැ බොරු කියන්න.ඔබතුමා ඒ ප්‍රකාශය කළ විට මා වෙලාවක් අරන් දෙන්න කිව්වා.ඔබ තුමා කියූ දේ විකෘති කර කතා කරන්න තරම් මා මෝඩයෙක්ද?

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

ජනාධිපතිතුමාට තිබෙන ප්‍රශ්නය වන්නේ එතුමා ගියොත් ඉදිරියට වන්නේ කුමක්ද යන්න බවත් පක්ෂ නායකයන් කියනවා නම් අස්වෙන්න සූදානම් බවත් ඔබතුමා පක්ෂ නායක රැස්වීමේදී පැවසුවා.

කතානායක:-

ජනාධිපති තුමා කිව්වේ සිය 113 පෙන්නුවොත් ආණ්ඩුව දෙන්නම් කියලා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

අපිට එතුමා ආණ්ඩුව දෙන්න ඕන නෑ. ගන්න පුළුවන්. අපට 113 තියෙනවා.

Related posts

නිල්වලා ගගේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීම හෙට සිට ඇරඹයි

Admin

සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා තනතුර හැර යයි

colombotoday

නාකොටික් IP ​බාරවෙයි

colombotoday

පිදුරංගලට නැග ඇදිවත ගලවා පෙන්වූ තිදෙනෙක් අත්අඩංගුවට… වැඩේ මුලින්ම කර ඇත්තේ සුද්දියක්…

colombotoday

පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්

Admin

තුර්කියට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්

Admin