Colombo Today Local News

රනිල් ඉවත් කර අලුත් අගමැතිවරයෙක්.. එජාපයේ 43ක් මෛත්‍රීගේ සහයට !!

පළාත් පාලන මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය දීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 43 දෙනෙකු සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවසීය.

මහා බැංකු බැඳුම්කර හොරුන්ට සහ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ හොරුන්ට දඬුවම් ලබාදීමට නම් අලුත් අගමැතිවරයකු යටතේ යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතු බව එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන් රැසක්‌ ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද හෙතෙම පැවසීය.

නව ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දූෂණ චෝදනා නැති මන්ත්‍රීවරු රැසක්‌ ද මහින්ද රාජපක්‍ෂ අතහැර ආණ්‌ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවද ඇමැතිවරයා පැවසීය.

– Divaina

Related posts

අත්අඩංගුවට ගත් අය පොදු සමාවක් දී නිදහස් කරන්න – පා.ම. කාදර් මස්තාන් ඉල්ලයි

colombotoday

චෝදනා විමර්ශනයට විදෙස් විනිසුරුවන් ගේන්නේ නෑ – ජනපති අවධාරණය කරයි

colombotoday

නාඩු 350 දක්වා ඉහළ යන ලකුණු

Admin

මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

Admin

මහා ජන සන්නිපාතයෙන් ගාලු මුවදොර පිරී ඉතිරී යයි (PHOTO)

colombotoday

රනිල් අසනීප වේ.. කොමිසමෙන් නිහඬව පිටව යයි

colombotoday