ඊයේ අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මැතිවරණ ප්‍රචාරක රැළියේදී, ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් පලකළේය.
කොළඹ කොටුවේ පික්පොකට් කාරයන් ‘අන්න හොරෙක්.. අන්න හොරෙක්..’ කියමින් හොරාද දුවන බව පැවසූ ජනාධිපතිවරයා, ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ දෙපැත්තේ සිටින අය දෙගොල්ලන්ටම හොරා කියාගන්න පටන් ගත් බවද කියා සිටියේය.
බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා කළ කතාව අවසානයේ “කවුද හොරා.. මහින්ද හොරා“ යනුවෙන් අගමැතිවරයා සහ එජාප මන්ත්‍රීවරුන් හඩ නැගූ අතර, ඒකාබද්ධ විපක්ෂය දෙසන් “හොරා හොරා, රනිල් හොරා.. මහබැංකුව කැඩුව හොරා“ යැයි හඩ නගනු ඇසිනි.