Colombo Today Local News

අලුත්ගම ගැටුමේ වින්දිතයන්ට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල හා අලුත්ගම දී 2014 ජූනි මස 15/16 දිනවලදී ඇතිවූ ගැටුමේ වින්දිතයන්ට වන්දි ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙම සිදුවීමෙන් පවුල් 273කට අයත් දේපළ විනාශ වූ බවට හදුනාගෙන ඇති අතර එහිදී හානි වූ ගොඩනැගිලි ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අලුත්වැඩියා කර දෙන ලදි.

අදාළ හානි පරීක්ෂා කිරීම සදහා පත්කරන ලද නිලධාරී කමිටුව විසින් එම සිදුවීම හේතුවෙන් අනෙකුත් දේපළ හා ගෘහ උපකරණ වෙනුවෙන් වන්දි ගෙවීමට නිර්දේශ කර ඇත.

සංවිධානාත්මක මුස්ලිම් ජාතික පිරිසක් විසින් ස්වාමීන් වහන්සේ නමකට සහ බෞද්ධ පෙරහැරකට පහරදීම හේතුවෙන් මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවිය.

Related posts

මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදකලා කෙරේ.

colombotoday

කවුරු කොතන කොහොම කීවත් මම ඉන්නකම් විදේශ අධිකරණයකට ඇඟිලි ගැසීමට දෙන්නෙ නැහැ

colombotoday

සේනක බටගොඩට තහනම් වූ ගීත

Admin

බෝගම්බර බන්ධනාගාර ඉඩම සංස්කෘතික හා සංචාරක ව්‍යාපෘති සඳහා අවුරුදු 50ක බදු පදනමට!

Admin

සිල්රෙදි නඩුවේ තීන්දුව දෙයි.. ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිටට වසර තුනක සිරදඬුවම් !

colombotoday

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට ලක්ෂ 9ක දඩ

Admin