Colombo Today Local News

සජිත් එජාප 71වැනි සම්මේලනය අමතද්දි පාක්ෂිකයෝ ගෙදර ගිහින්

ඊයේ (07) බොරැල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ 71වන මහා සම්මේලනය ඇමතීම සඳහා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා වේදිකාවට ගොඩවනවිට ක්‍රීඩාංගනය හිස්ව තිබු බව වාර්තා වෙනවා.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්මේලනය ඇමතීමෙන් පසුව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිරිස ආමන්ත්‍රණය කල අතර ඒ වන විට පැමිණ සිටි ජනතාවගෙන් 80%ක් පමණ ක්‍රීඩාංගනයෙන් ඉවත්ව ගොස් තිබිණි. මෙම හේතුව නිසා සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට සිදුවුවේ හිස් පිටියකට තමාගේ කතාව සිදුකිරිමටය.

එජාප නියෝජ්‍ය නායකයකුද වෙන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා රැකියා ලබාදීම සඳහා “උසනම් සිකුරිටි මිටිනම් කම්කරු” න්‍යාය බාවිත කිරීම හේතුවෙන් පාක්ෂිකයන් අතර දැඩි අප්‍රසාදයකට පත්ව සිටින බව සිරිකොත ආරංචිමාර්ග පවසයි.

Related posts

මුස්ලිම් කොංග්‍රසය සජිත්ගේ සන්ධානයට එක්වෙයි !

colombotoday

ඉන්ධන මිල සංශෝධනය අද

Admin

අඩි 07ක් උස ගංජා ගස් 2195ක හේන් දෙකක් වටලයි

colombotoday

ජනපති ළඟ අගමැතිගේ ඔත්තුකාරයෙක් !

colombotoday

නැගෙනහිර පර්යන්තයට නුසුදුසු දොඹකර 06ක් ගෙන්නා විශාල පාඩුවක්

Admin

රන් භාණ්ඩ සොරකමේ ගිය අඹුසැමි යුවළක් අත්අඩංගුවේ

Admin