රුපියල් කෝටියකට අධික මුදලක් මාසික කුලිය ලෙස ගෙවමින් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය සදහා ගොඩනැගිල්ලක් බද්දට ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කෝටි 24ක පමණ මුදලක් අත්තිකාරම් වශයෙනුත්, කෝටි පහක මුදලක් ආරක්ෂණ තැන්පතුවක් හැටියටත් රාජගිරියේ පිහිටි එම ගොඩනැගිල්ලේ හිමිකරුට ගෙවීමටද එමගින් අවසර දී ඇත.
මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කළ ඉල්ලීමකටය.