Colombo Today Local News

ඩෝසර් කර විනාශ කළ සාම්පූර් දැගැබ නැවත ගොඩනගනවා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්

සාම්පූර් හි ඩෝසර් කර විනාශ කරනු ලැබූ සුඩකුඩා චෛත්‍ය බිමේ කැණිම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා ලංකාදිපයට පැවැසීය.

මෙහි මූලික කටයුතු සොයා බැලීම සඳහා පුරා විද්‍යා කණ්ඩායමක් එහි යැවූ බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

යුද හමුදා ආරක්ෂාව යටතේ එම පුරා විද්‍යා කණ්ඩායම එහි ගිය බවත් සුඩකුඩා චෛත්‍යය පිහිටි බිමේ ‘‘ගලවා ගැනීමේ කැණිම්’’ ආරම්භ කිරීමට කටයුතු කරනු ඇතැයි ද මණ්ඩාවල මහතා කීය.

එම චෛත්‍යය යළි යම් මට්ටමකට හෝ ගොඩ නැගීමේ බලාපොරොත්තුවෙන් මෙසේ කැණීම් කටයුතු කරන බවත් එයින් සොයා ගන්නා තොරතුරු අනුව චෛත්‍යය ගොඩනැගීමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

චෛත්‍යය සොයා ගත් අවස්ථාවේ එහි ඡායාරූප ලබාගෙන ඇති බැවින් උස පිළිබඳ අදහසක් ඇති බව පැවැසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා කැණීම්වලින් පසු දළ වශයෙන් පරිමාණය සකස් කර ගැනීමට හැකිවේ යැයි සිතන බව ද කීය.

චෛත්‍යය යලි ගොඩනැගීමට පෙර අවශ්‍ය වුවහොත් විද්වත් මතයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් මුළුමනින්ම නොහැකි වුවත් යම් තරමක් හෝ එම චෛත්‍යය ගොඩ නැගීම පුරාවිද්‍යා අංශවල අදහස යැයි ද ඔහු කීය.

පුරා විද්‍යා අංශ මඟින් මතු කරගනු ලැබූ සාම්පූර් සුඩකුඩා චෛත්‍යය එසේ මතු කරගත් දිනට පසු දිනම කෝවිලක භාරකාර මණ්ඩලයේ මුලිකත්වයෙන් පිරිසක් විසින් ඩෝසර් කරනු ලැබීය.

Related posts

වල්අලි 6ක් නිවෙසක් බිමට සමතලා කරයි

colombotoday

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Admin

අලුත් බදු ක්‍රමය IMF උගුලක්.. IMF එකට ඕන විදිහට තීරණ ගන්නවනම් ආණ්ඩුවක් අවශ්‍ය නෑ

colombotoday

මහා පරිමාණ මුදල් වංචාවකට හිරේ ගිය තිළිණිට ඇප

Admin

ඊළමයි, ද්විත්ව පුරවැසිභාවයයි දෙකම දෙනු ! ජය ලලිතාත් බරටම ඉල්ලයි

colombotoday

“අමු ආගම්වාදියෙක්.. නිවටයෙක්..” – මරික්කාර් ගැන කොලොන්නාවේ එජාපයේ අය කියන කතා (Video)

colombotoday