Colombo Today Local News

පාඩුව මිලියන 11145ක් පමණද? බැදුම්කර කොල්ලයෙන් ආර්ථිකයට එල්ලවූ මාරාන්තික ප්‍රහාරයේ තරම මෙන්න

බොන්ඩ් හොරකමෙන් රටට වූ පාඩුව රුපියල් මිලියන 11,145 ක් ( හෙවත් කෝටි 1114නොවේ) . ඒ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ එක් වසරක ලාබය පමනි. ජනතාවට වූ පාඩුව අතිමහත්ය. මහබැංකුවට අර්ථසාධක අරමුදලට හා තවත් රාජ්‍ය ආයතන වලට වූ ඍජු පාඩුවට වඩා විශාල පාඩුවක් රටට වක්‍ර ආකාරයන්ගෙන් සිදුවිය.

  • රාජ්‍ය ණය පොලී අනුපාතය මේ වංචාව නිසා ඉහල ගියේය
  • පුද්ගලික හා ව්‍යපාපාර ණය වලට ගෙවන පොලී අනුපාතයන් මේ වංචාව නිසා ඉහල ගියේය
  • පොලී අනුපාත වැඩි වීම නිසා ව්‍යාපාර මන්දගාමී වීම ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කලේය
  • විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීම නිසා මුදල් විශාල ප්‍රමාන‍යක් රටින් ඉවත් කරගන්නා ලදී
  • විදෙශිකයින් මුදල් ඉවත්කරගැනීම නිසා එය කොටස් වෙළඳපොල කඩාවැටීමකට හේතුවිය. ඉන් කොටස් වෙළඳපොල ආයෝජකයන් විශාල පාඩු ගෙන දුනි.
  • විදෙශිකයින් මුදල් ඉවත් කරගැනීම හා අර්ථිකය දුර්වල වීම රුපියලේ අගය පහත වැටීමට හේතු වූ අතර ඒ නිසා රාජ්‍ය විදේශ ණය ගෙවීම් විශාල ලෙස ඉහල ගියේය
  • ලංකාවේ ශ්‍රේණිය පහත වැටීම නිසා අලුතින් ණය ගන්නට සිදුවී ඇත්තේ ඉහල පොලී අනුපාතයන්ටය
  • රුපියල බාල්දු වීම ආනායනික භාන්ඩ වල මිල ඉහල යාමට හේතු විය

මේ හොරකම් සිදු වූයේ වරක් දෙවරක් නොවේ එය දිගින් දිගටම සිදුවූ අතර 2016 මාර්තු මාසයේ යලි මහා පරිමානයෙන් සිදුවිය
එම දෙවන රවුමේ රටට අහිතකර ප්‍රතිඵල කිසිවෙකු සාකච්ඡා කරනවා නොපෙනේ.

සමස්ථ පාඩුව ඍජු හා වක්‍ර වශයෙන් ගනනය කලහොත් රුපියල් කෝටි ලක්ෂය ඉක්මවයි. මෙය මුලින්ම පෙන්වා දුන්නේ රජයේම මුදල් රාජ්‍ය අමාත්‍ය වරයායි. ඉන් පසුව විවිධ විද්වතුන් මෙය ගනනය කොට පෙන්වා ඇත.

රටේ ජනතාවගේ ජීවන වියදම අහස උසට ඉහල යාමට, බදු බර දෙගුන වීමට මෙය වක්‍රාකාරව හේතු වී ඇත. මේ පාඩුව අයකරගන්නේ කාගෙන්ද ? එය ඊයෙ කියවූ විශේෂ ප්‍රකාශයේ සඳහන් නොවිනි.

ආචාර්ය නාලක ගොඩහේවා

Related posts

UNP/ශ්‍රීලනිප මැයි රැලි ITN හා ජාතික රූපවාහිනියේ සජීවිව විකාශය කරේ (LIVE)

colombotoday

උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න – පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

සංහිඳියාව බිඳ දමන ප්‍රකාශ නිසා ෆසාල් මොහොමඩ් නිසාර් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

2002 අලි කොටි ගිවිසුම සහ 2019 ව්‍යවස්ථා මර උගුල ඇසුරෙන් ජවිපෙ ඩීල්වාදය තේරුම් ගනිමු.

colombotoday

කට වරද්දාගත් රන්ජන් 7 වැනිදා උසාවි කැදවයි….

colombotoday

බන්ධනාගාරයේදී දුරකතනයක් සන්තකයේ තබාගත් රිෂාඩ් බදුර්දීන් නිවැරදි කරු යැයි කියයි.

colombotoday