Colombo Today Local News

උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න – පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරයි

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළ ව කෙසෙල්වත්ත පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් විසින් අද (16)දින දහවල් වාර්තාවක් ඉදිරිපත්කරමින් එම කරුණු වාර්තා කිරීම සිදුකර තිබේ.

මෙම සිද්ධියට අදාළව දැනට සිදුකර ඇති මූලික පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන කරුණු සාරාංශයක් ද මෙම වාර්තා මගින් අධිකරණයට ඉදිරිපත්කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණි.

ඊයේ පස්වරුවේ කොළඹ අලුත්කඩේ පිහිටි උපරාමාධිකරණ සංකීර්ණයේ අබිලි ද්‍රව්‍ය ගබඩා කර තිබු ස්ථානයක එම ගින්න ඇතිවිය.

පසුව ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩපැවැත්විය.

Related posts

බ්‍රිතාන්‍යයේ සංගීත ප්‍රසංගයකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 19කට ජීවිත හානි

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

Admin

පස්සර මාර්ගයට ගල් පර්වතයක් පෙරළෙයි

Admin

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

Admin

යාපනයේ දූපත් තුනකට විදුලිය

Admin

හිජාස් හිස්බුල්ලා ගෙදර යයි

colombotoday