Colombo Today Local News

බැදුම්කර මගඩියෙන් රජයට සිදුවූ පාඩුව රුපියල් කෝටි එක්දහස් එකසියය ඉක්මයි !

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධව පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම මගින් ලබාදුන් වාර්තාවට අනුව 2015 සහ 2016 යන කාල සීමාව තුළ නිකුත් කර ඇති මහ බැංකු බැඳුම්කර මගින් රජයට සිදුව ඇති රුපියල් දස ලක්‍ෂ 11,145 කට වැඩි පාඩුව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් නැවත අයකර ගැනීමටත් වැරදිකරුවන්ට දඬුවම් පැනවීමටත් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (03 වැනිදා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් සඳහන් කළේය.

එසේම කොමිසම මගින් යෝජනා කර ඇති පරිදි අදාළ පාඩු වූ මුදල් කඩිනමින් අයකර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට පනතක්‌ ඉදිරිපත් කර සම්මත කරගන්නා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

2015 පෙබරවාරි මස 27 වන දින පැවත්වූ වෙන්දේසියෙන් පමණක්‌ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ලබා ඇති අවම වාසිය රුපියල් මිලියන 688 කට වැඩි ප්‍රමාණයක්‌ බව සඳහන් වන බවත්, මෙම පරීක්ෂණ කාලසීමාව තුළ සොයාගත් තොරතුරු මත මීට වැඩි වීමක්ද සිදුවිය හැකි බව සදහන් වන බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

පරීක්‌ෂණයේදී හෙළි වූ තත්ත්වයන් අනුව ද්විතීය වෙළෙඳපොළේ ගනුදෙනුවලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145 ක්‌ වන අතර ඒ අතරින් සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වූ අලාභය රුපියල් මිලියන් 8,529 ක හෙවත් බිලියන 8.5 කට වඩා වැඩිවන බව වාර්තාවේ සඳහන් වන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

ගාල් කර තිබූ ධීවර බෝට්ටු 10කට ගිනි තියලා

Admin

ජනපති පුත් දහමට විරුද්ධ මඩ මෙහෙයුම දියත් කලේ එජාපයදැයි සොයන්න CID යොදවයි

colombotoday

“ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගැසීමෙන් වලකිනු !” රුසියානු මිතුරා නැවතත් ලංකාව වෙනුවෙන්

colombotoday

වරාය ඇමති අර්ජුණ ඉවත් කරනතුරු වෘත්තීය සමිති 17ක් අඛණ්ඩව සටනේ

colombotoday

කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේදී වෛද්‍ය සංගම් නිශ්ශබ්දව සිට මාධ්‍යයට කතා කිරීම ප්‍රහේලිකාවක්

colombotoday

රත්මලාන මුහුදු වෙරළේ නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday