Colombo Today Local News

බැදුම්කර හොරුන් කිය අපට චෝදනා කළොත් ශ්‍රීලනිප ඇමතිලාගේ සියළු හොරකම් එළි කරනවා – එජාපය දන්වයි

බැදුම්කර හොරුන් යැයි ශ්‍රීලනිපය විසින් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරගෙන ආවොත් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ හොරකම් සියල්ල හෙළි කිරීමට සූදානම් බව ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

‘එදා මහින්ද රාජපක්‍ෂට වැඩ කරපු එවුන් අද අපට ඇවිල්ල කියනව අපි කොහොමද මේ ආණ්ඩුව කරගෙන යන්න ඕනෙ කියල.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය මුලින් මුලින් මේ තරගයෙ හතරවෙනියට විතර වැටිල හිටියෙ. දැං පොඩ්ඩ පොඩ්ඩ ඔළුව උස්සනව පොහොට්ටුව වැටිල ගිය නිසා. දැං අපිට එහෙං මෙහෙං කෙලින්න හදනව.

දැං අපිට බොරුවට මහ බැංකු කතා එකා දෙකා කිය කිය එනව. කියපල්ලකො බලන්න තොපිලගේ ඒවත් ඔක්කොම අපි කියන්න. ඔය පරණ හොරු ටික ඔක්කොම මෙතනට ආවෙ ඇමතිකම් ගත්තෙ උන්ගෙ හොරකං වහගන්න’ යයිද ඇමතිවරයා ජන හමුවක් අමතමින් සදහන් කලේය.

Related posts

රෙඩ් වින්ග්ස් රුසියානු ගුවන් සමාගම මෙරටට ගුවන් ගමන් අරඹයි

Admin

“ජනපති වැඩකරන්නේ අගමැති කියන විදිහටයි.. ආණ්ඩුවේ නොහැකියාව පේනවා.. මේක යහපාලනේ නෙවෙයි” – අස්ගිරි පාර්ශවය විරෝධය දක්වයි

colombotoday

කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

colombotoday

ව්‍යාපාරිකයාට වස්තුවක් උරුමයි කියා බොරු සාමි ලක්ෂ 22 ක් හොරා කාලා

colombotoday

Video: බැඳුම්කර හොරකම රවී මත පටවා ඇගහෝදගන්න මේ ආණ්ඩුව සැරසෙනවා – විමල් විරවංශ

colombotoday

චෝදනා මල්ලක් අරන් ඩයස්පොරාව සමග සන්ධ්‍යා එක්නැලිගොඩත් ජිනීවා යයි !

colombotoday