Colombo Today Local News

යුගදනවි පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ

කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 08, සහ 10 යන දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03)දින නියෝග කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි.

මෙම පෙත්සම විභාගයට ගන්නා ලබන 10 වැනි දින නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා සිය දේශනය පැවැත්වීමට නියමිත බවද ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු ඉදිරිපත් විය.

Related posts

සරසවි යළි විවෘත කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

colombotoday

සොයිසාගේ පුතා සංස්ථා සභාපතිකමකට පත්කෙරේ !

colombotoday

මම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක පෙන්නුවා… මට අගමැතිකම ඕන – හරින්

colombotoday

ඇමරිකානු හමුදාවට නවාතැන් දෙන්න කොළඹ හදන අළුත් ගොඩනැගිල්ල !

colombotoday

ජනපති පුත් දහම් සිරිසේනට චෝදනා එල්ලවූ සමාජ ශාලා ගැටුමේ සත්‍ය එලියට

colombotoday

තව පෝය දෙක තුනයි… මහින්ද ආණ්ඩුවට දින වකවාණු දෙයි (Video)

colombotoday