පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටී.
නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුකදී ඔහු මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස වෙන්ව මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුණ ද ඔවුන් අනුගමනය කරන්නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති බවත් ඔවුන් සියලුදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සියයට 55ක බලයක් අත් කර ගන්නා බව සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවැසීය.