එජාපය සමග ඇතිකරගත් හවුල් ආණ්ඩු ගිවිසුම තව වසරකින් දීර්ග කරන්නැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිපයට නියෝග කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
හිටපු ජනාධිපතිනිය විසින් මෙම නියෝගය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නියෝජිතයන් කිහිප දෙනෙකුට බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඒ ආකාරයෙන් තව දුරටත් එජාප-ශ්‍රිලනිප හවුල් ආණ්ඩුව පවත්වාගෙන යන්නේ නම් ශ්‍රීලනිපයේ මැතිවරණ තේමා පාඨය ‘හොරු සමග හෙළුවෙන්’ ලෙසින් වෙනස් කරනා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.