Colombo Today Local NewsUncategorized

වැලිකඩ බදු දෙයි

වැලිකඩ බන්ධනාගාරය පිහිටි අක්කර 42ක ඉඩම දිගු කාලීන බදු පදනම යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ලබා දීමට රජය තීරණය කර ඇත.

ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා දිගුකාලීන බදු පදනම මත ලබාදීමෙන් රුපියල් කෝටි 2630 ක පමණ මුදලක් ල්බාගැනීමට ඇස්තමේන්තු කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර,හොරණ මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 280 ක පමණ ඉඩමක ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති අතර,බන්ධනාගාර මූලස්ථානය බත්තරමුල්ලේත්,නිල නිවාස සංකීර්ණය මාලබේ ප්‍රදේශයේත් ඉදිකිරීමට යෝජනා වී ඇත.

මෙම ව්‍යාපෘති තුන වෙනුවෙන් වැය වන මුදල වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම බදු දීමෙන් ලැබෙන මුදලින් පියවාගැනීමට ද යෝජනා කර ඇත.

වැලිකඩ බන්ධනාගාරය හොරණ මිල්ලනිය ට ගෙන යාම ,මූලස්ථානය බත්තරමුල්ලේ ඉදි කිරීම සහ නිල නිවාස සංකීර්ණය මාලඹේ ඉදිකිරීම යන ව්‍යාපෘති තුන සහ ඉඩම් පවරා ගැනීම සඳහා රුපියල් කෝටි 3147ක පමණ මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා තිබේ.

Related posts

විදුලි බිලට එරෙහි විරෝධතාවලට එරෙහිව කටයුතු කරනවා – ඇමති කංචන කියයි

Admin

පාස්පෝට් ගන්න සඳුදා වෙනුවට වෙනත් දිනයක් දෙයි

Admin

විදේශ සේවා කාර්යාංශයේ සේවා ගිවිසුම් අත්සන් කිරීම අදින් නවතියි. අත්සන් කිරීම රැකියා ඒජන්සියේදී පමණයි

colombotoday

සතොසටත් සුරා බලපත්

colombotoday

අද රාත්‍රී 8ට පෙර අධිකරණයට භාර වන්නැයි ජොන්ස්ටන්ට අභියාචනාධිකරණයෙන් නියෝග..

colombotoday

ක්‍රිකට් තහනම නිසා ඩොලර් මිලියන 100ක් අහිමිවෙයි

Admin