Colombo Today Local News

හිරුණිකාගේ මවගේ නම කැපූ බලවතා මරික්කාර් !!

කොලොන්නාව නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ඉදිරිපත්කළ සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නම ඉවත් කර ඇත්තේ කොලොන්නාව එජාප සංවිධානය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් විසින් යැයි චෝදනා එල්ල වෙයි.

සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිද වන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මව වෙයි.

පසුගිය සමයේ තමන් අමු ජාතිවාදියෙකු බව ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූ මරික්කාර් මන්ත්‍රීවරයාගෙන් සැලකිය යුතු සිංහල ඡන්ද ප්‍රමාණයක් ගිලිහී ගොස් තිබෙන අතර, කොළොන්නාව සදහා ඔහු ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයන්ටද ඇත්තේ වැඩි වාසිදායක නොවන තත්තවයකි. නැසීගිය භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සාලමුල්ලේ හිතවතුන්ගේ සහය අනිවාර්යෙන්ම සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිමිවීමට නියමිත බැවැන් මරික්කාර්ගේ හිතවතුන්ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ඇය ලබා ගනු ඇති නිසා මෙසේ ඇයගෙ නම කපා දැමීමට කටයුතු කර ඇතැයි චෝදනා එල්ල වෙයි.

මේ පිළිබදව අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහා පවසන්නේ සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අපේක්ෂකත්වය ලබා දීම සදහා පක්ෂයේ හෝ පක්ෂය නායකත්වයේ උපදෙස් ලැබී නොතිබුණු බවයි.

Related posts

ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කරයි

Admin

මුඛ ආවරණ නොමැති මගීන් බස්රථවලට ගන්නේ නෑ – ගැමුණු කියයි

colombotoday

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

රටේ වැසියන් ණයකාරයන් කර ඇති රටක මොන නිදහස් උත්සවද? නිදහස් දින උත්සවය මහින්ද අමරවීර වර්ජනය කරයි

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

හෙලිකොප්ටර් දුන්නේ කවුද? හිටපු ජනපති හෙළි කරයි

colombotoday