ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්රීවරුන් ඇතුඑ සාමාජිකයින් 31 දෙනෙකු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්ව තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීන් 04 දෙනෙකු, පළාත් සභා මන්ත්රීන් 07 දෙනෙකු, ප්රාදේශීය සභා මන්ත්රීන් දෙදෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් 18 දෙනෙකු ඊයේ (21දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති හමුවී මෙලෙස සහය පළකරනු ලැබූහ.
දිමුතු අබේකෝන්, ආර්.පී.ඒ රණවීර, එස්. කේ සුබසිංහ, අංජාන් උම්මා මෙලෙස ශ්රීලනිපයට එක්වූ ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීන් වේ.