Colombo Today Local News

විල්පත්තුව වන සංහාරය පිළිබඳ විශේෂ විගණන පරීක්ෂණයේ වාර්තාව පාර්ලිමේන්තුවට

විල්පත්තුව වනෝද්‍යානයට මායිම්ව පිහිටි විලත්තිකුලම් වනාන්තර කලාපයේ වන විනාශය පිළිබඳව විගණාධිපතිවරයාගේ විශේෂ පරීක්ෂණ වාර්තාව අද පාර්ලිමේන්තුවට භාරදීමට නියමිතව තිබේ.

විගණාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කළේ, විල්පත්තුව වනෝද්‍යාන කලාපයේ වන සංහාරයක් සිදුව ඇති බව මාධ්‍ය මගින් කළ අනාවරණයෙන් අනතුරව මෙම පරීක්ෂණය කළ බව ය.

වනාන්තරය එළි පෙහෙලි කිරීම සඳහා නෛතික පදනමක් තිබුණ ද ඒ සඳහා ක්‍රියාකළ ආයතන හා වගකිව යුතු ආයතන පිළිබඳව මෙම පරීක්ෂණයේදී දීර්ඝ ලෙස අධ්‍යයනය කරනු ඇති.

ඔහු පැවසුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන් ම අදාළ කලාපයේ ඉදිකිරීම් සඳහා යටිතල පහසුකම් සැපයූ ආයතන පිළිබඳව ද මෙම පරීක්ෂණයේදී අධ්‍යයනය කළ බව ඔහු පැවසුවේ ය.

විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව ඉදිකිරීම් සඳහා විදුලි බලය ලබා දුන් ලංකා විදුලි බල මණ්ඩලය, ජල පහසුකම් ලබාදුන් ජල සම්පාදන මණ්ඩලය පිළිබඳව ද විමර්ශනය කළ බවයි.

Related posts

වැඩ වැරදෙන චාමර

Admin

ධනුෂ්ක ගුණතිලකට ඩවුනින් මධ්‍යම අධිකරණයේදී ඇප ලැබෙයි

Admin

ඇමති විමලවීර දිසානායකගේ පුස් පාර්ට් එකට විරුද්ධව වනජීවී නිලධාරීන් වර්ජනයක.

colombotoday

මහින්දගේ ආශිර්වාදයෙන් ගෝඨාභය රාජපක්ෂ 2020 ජනපති සටනට !

colombotoday

පොලිස් නිලධාරීන්ට පාපැදි 4,000 ක්

colombotoday

ජනපතිගේ තීන්දුව ගැන ගැන අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday