Colombo Today Local Newsපුංචි ඡන්දය

පොහොට්ටුව පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂයෙන් දොට්ට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරමින් පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා තීරණය කර ඇතැයි වරාය හා නාවික කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ 19 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්‌ෂවල ප්‍රචාරක කටයුතු මෙන්ම එම පක්‌ෂවල අපේක්‌ෂකයන් දිනවීමට මැතිවරණයක්‌ ප්‍රකාශයට පත්ව ඇති මොහොතේ කටයුතු කරන්න බැහැ. එය පක්‌ෂ ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක්‌. මැතිවරණය වන තෙක්‌ එම පිරිස නිදහස්‌ පක්‌ෂය සමඟ එකතු වෙයි කියලා ජනාධිපතිවරයා ඉවසාගෙන හිටියා. ඒත් මේ මොහොතේ පක්‌ෂය දෙකඩ කරන පක්‌ෂය විනාශ කරන මෙම මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය අධ්‍යයනය කරලා සාක්‌ෂි සහිතව ඔවුන් පක්‌ෂයෙන් ඉවත් කරන්න මධ්‍යම කාරක සභාව තීරණයක්‌ ගත්තා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ඉන්නේ. පොදුජන පෙරමුණට අයිතියක්‌ නැහැ එතුමාගේ ඡායාරූප මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදවීමට. ඒ පිළිබඳවත් ඉදිරියේදී තීරණයක්‌ ගන්නවා.” යැයිද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයක් පොලිස් අත්අඩංගුවට

colombotoday

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිට

colombotoday

“මම ලංකාවට ආවේ හොරෙන් නෙවයි.. ආරාධනා කලේ ජනපති මෛත්‍රීයි” – ඩයස්පොරා ලොක්කා එම්මානුවෙල්

colombotoday

මම හදන වරායන් මගේ නමින් නම් කරන්නේ නෑ

Admin

නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනයට ගෙන ඇති පියවර

Admin

අද කොචිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday