එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් බහාලුමක දමා වළලා තිබූ සී.ඩී.තැටි 91 ක් සහ තවත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කිලිනොච්චිය, රාමනාදන්පුරම් ප්‍රදේශයේ සගවා තිබූ ආරක්ෂිත බහාලුමක තිබී සොයාගෙන තිබේ.
ඒ කිලිනොච්චිය පොලීසිය විසින්.
ආරක්ෂිත බහාලූමෙහි තිබී වීසීඩී පට 91 ක්, සීඩි පට ආරක්ෂිත ආවරණ 61ක් සොයාගත් බවත් පැරණි ජංගම දුරකථන කාඩ්පත් තොගයක්ද සොයාගත් බවත් පොලිසිය කියා සිටී.
මේ අතර ඇතැම් සී.ඩි පට වැඩිහිටියන්ට පමණක් වූ සිනමා පටද ඒ අතර තිබූ බවට හඳුනාගෙන ඇතැයිද කිලිනොච්චිය පොලිසිය වැඩි දුරටත් කියා සිටියේය.
අදාළ ද්‍රව්‍ය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.