ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කිරීමට එක්ව තිබේ.
ඊයේ(18) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවු ඒ මහතා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට මෙලෙස සහය පල කල බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙහිදි යසපාල කෝරළගේ මහතාට හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරය ද පිරිනමා තිබේ.