Colombo Today Local News

භාණ්ඩ හයක මිළ පහතට !

උත්සව සමයේදී ජනතාවට සහන මිලට භාණ්ඩ සැපයීම සඳහා භාණ්ඩ 06ක මිල පහත දමා භාණ්ඩ වර්ග තුනක් සහන මිලට ලබාදීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ.

ඒ අනුව රුපියල් 65කට අලෙවි වූ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 62 දක්වාත්, රුපියල් 74ට අලෙවි කළ නාඩු සහල් කිලෝවක් රුපියල් 70 දක්වාත්,රුපියල් 78කට අලෙවි කළ පොන්නිසම්බා සහල් කිලෝවක් රුපියල් 71 දක්වාත්, රුපියල් 107ට අලෙවි කළ සීනි කිලෝවක් රුපියල් 100 දක්වාත්, රුපියල් 152කට අලෙවි කළ ලොකුලුනූ කිලෝවක් රුපියල් 135 දක්වාත්, ග්‍රෑම් 425 ටින්මාළු එකක මිල රුපියල් 149 සිට රුපියල් 127 දක්වාත් අඩුකර ඇත.

මීට අමතරව රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 73කටත්, බාස්මතී සහල් කිලෝවක් රුපියල් 132කටත් සුදුලූනු කිලෝවක් රුපියල් 250කටත් අලෙවි කිරීමට තීරණය කර තිබේ.

Related posts

නිදහස් දා ඥානසාර හිමි නිදහස් නොකරයි

colombotoday

මැතිවරණ නිලධාරීන් තෑගි දෙන්න ආ හිටපු ජනපති හරවා යවයි

colombotoday

සෞදියේදී අද 50ක් ගල් ගසා මරණවලු… “ලාංකික කාන්තාව ඒ අතර නෑ” සෞදි තානාපති

colombotoday

මැතිවරණ කොමිසමේ අද විශේෂ රැස්වීමක්

colombotoday

ජපානයේ භුමිකම්පවලින් ශ්‍රී ලාංකිකයින් 200 කට අසන්න පිරිසකට බලපෑම්

colombotoday

කැවුම් බදින ජනපති සිරිසේන

colombotoday