ආණ්ඩුවක් ගන්නා සෑම පියවරකම ප්‍රතිඵල එකවර ලැබෙන්නේ නැති අතර පළමු වසර දෙක තුළ තමන් සිදු කළේ ආර්ථික ස්ථාවරභාවයක් ඇතිකර ගැනීමේ වැඩසටහන් බවත් ඉදිරියේදී රටේ ජනතාවට සෞභාග්‍යය උදාවෙන වැඩසටහන් රැසක් ඇති කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මේ කටයුතු තවත් ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යැමට නම් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට කටයුතු කළ යුතු යැයි ඒ මහතා පවසයි.
හෙතෙම මේ බව කියා සිටියේ කෙසෙල්වත්ත, සුචරිත ශාලාවේදී පැවති එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.