Colombo Today Local News

“චෝල, මාඝ, එළාරට බැරි වුණු දේ උඹට පුළුවන් ද ???” – මර්වින් සිල්වා විග්නේෂ්වරන්ට සැරට අමතයි

ශ‍්‍රී ලංකාව යනුවෙන් රටක් නැති බවත් තිබෙන්නේ ඊළාම් නම් රට පමණක් බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වර්න් මහතා විසින් කරන ලද ප‍්‍රකාශයට දේශීය ජනතා පක්‍ෂයේ සභාපති හිටපු ඇමති මර්වින් සිල්වා මහතා ප‍්‍රතිචාර දක්වා ඇත.

ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

විග්නේශ්වරන් ගොන් හරකයා වෙත…….

උඹ ඉතිහාසය නොදන්නවා නම් කියලා දෙන්න මම හමුවෙයන් නැතිනම් හමුවෙන්න එන්නත් පුළුවන්…
ජාති වාදී , අදූර දර්ශි, ද්‍රවිඩ ඩයස් ප්‍රෝරාවේ අතකොලුවක් උන උතුරු මහා ඇමති විග්නේශ්වරන් මේ ආණ්ඩුවේ මහ පුටු වල හයිය අරන් කට මැද දොඩවනවා…….

සිංහල බෞද්ධයන්ගේ මෛත්‍රී ගුණය කෙලෙසන, මෙවැනි සැහැසි බස් දොඩවන, දමිල ජනතාවගේ ගැලවුම් කරුවන් ලෙස පෙනීසිටින, සිංහල දේශයේ ඉතිහාසය නොදත්, තම මාතෘත්වය ලබාදුන් මාතෘ භුමිය කෙලෙසන මෙවැනි ද්‍රවිඩ නායකයින්ට මම කියන්න කැමතියි, තමන්ගේ බඩ ගොස්තර වාදී ආකල්ප ඉවත් කරලා, සිංහල බෞද්ධයන්ගේ ඉවසීමේ ගුණය අල්ප නොකර, අපි සමග එක්ව සාමුහික ගමනක් යනවා මිසක්, මෙවැනි අදූර දර්ශි ප්‍රකාශ නොකරන්න.

මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි……

උතුරු මහා ඇමති විග්නේශ්වරන්ට මට ඉතිහාසය උගන්වන්න පුලුවන් කකුසද, කෝණාගම, කාශ්ෂ්‍යප, ගෞතම සිවු බුදුරජාණන් වහන්සේලා ජීවමාන වූ කාලයේ සිට සිංහලයාත් බෞද්ධ දර්ශණයත් මේ රටේ තිබුන බව අමතක නම් දැන්වත් මතක් කර ගන්න.

මේ භාෂාව උඹ වගේ කෙනෙකුට යහපත් නොවේ …….
ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසින්ට බැරිඋන දේ උඹට පුළුවන් ද ???
චෝල, මාඝ, එළාර උන්ට බැරි වෙච්ච දේ උඹට පුළුවන් ද ???

රජය කරවන ඇත්තන් ඇස් ඇර බලනු…..

ජනතාව වීදි බහින්න ප්‍රථම රජය කටයුතු කරන්නේ නම් ඉතා වටි.

මම
රුහුණේ උපන්
ආචාර්‍ය මර්වින් සිල්වා

Related posts

ප්‍රභාකරන් වීරයෙකු යැයි කියන විජයකලාට තරුණ මන්ත්‍රීවරයෙකුගෙන් රිදෙන්න පිළිතුරු

colombotoday

ගාලු මුවදොර තිබෙන වාහන ගැන ඇහෙන අලුත්ම විස්තරය තිබෙන

Admin

දෙවන පාසල් වාරය අදින් අවසන්

Admin

මගී ප්‍රවාහනයට ලොරි චැසි බස් ගෙන්වීම මින්පසු තහනම්… අවසර සුඛෝපභෝගී බස්වලට පමණයි !

colombotoday

තව බදු එනවා.. රාජ්‍ය ආයතනත් රැසක්‌ විකිණීමට කැබිනට් අනුමැතිය!

colombotoday

විදුලිය,ඉන්ධන ඉතිරි කරන්න රාජ්‍ය ආයතනවලට අද නව චක්‍රලේඛයක්.

colombotoday