Colombo Today Local News

“ශ්‍රීලනිප – ඒකාබද්ධය එක්වීමට ඔළමොට්ටලයන් දෙදෙනෙක් ඉඩ දෙන්නේ නෑ” – දයාසිරි

ශ්‍රීලනිපයට සහ ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නොදී දෙදෙනෙක් ඔළමොට්ටල ලෙස කටයුතු කරන බවත් ඔවුන්ගේ නම් ඉදිරියේදී හෙළි කරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

ඔහු එසේ පැවසුවේ ඊයේ (06දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්ය.

“අපි අපේ අත දිගු කිරීම සිදු කොට තිබෙනවා. නමුත් වෙනම පක්ෂ හදන්න කියලා කවුරුත් කිව්වෙ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමත් එකට එකතු වෙලා වැඩ කරන්න කැමැතියි. මෛත්‍රිපාල ජනාධිපතිතුමත් කැමැතියි. ඒත් මෙතැන සිටින දෙන්නෙක් මේකට විරුද්ධයි. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු නායකයො එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ඉන්නවා. අපි ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව තීරණයක් ගත්තා ශ්‍රී ලනිප මන්ත්‍රිවරු ශ්‍රී ලනිප අපේක්ෂකයන් දිනවීම හැර වෙනත් පක්ෂයක අපේක්ෂකයන් දිනවීමට ක්‍රියා නොකළ යුතුයි කියලා.

මේ මැතිවරණයෙන් පළාත් පාලන ආයතනයක බලය පිහිටුවන්න නම් 60%ක්වත් දිනන්න ඕන. අපි ගණන් හදපු විදියට එහෙම ජයගන්න බැහැ. ඒ නිසා අනිවාර්යයෙන් එකතුවෙලා තමයි ආණ්ඩු පිහිටුවන්න වෙන්නෙ.

මැතිවරණයක් ඇතුළෙ විශාල අර්බුද ඇති වෙනවා. ඒත් අපේ දෑත් අපි දිගු කරලා තියෙනවා. අපි ශ්‍රී ලනිප අත ලකුණින් තරග කරනවා. ඒත් සමහර ප්‍රදේශවලට බුලත් කොළය යටතේත් තරග කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලනිපයට හා ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙනව නම් එකතු වෙන්න තිබුණා. නමුත් ඔවුන් කිව්වා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියලා.” යැයිද දයාසිරි ජයසේකර අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

Related posts

රටේ නම වෙනස් කරන්න විද්වත් කමිටුවට යෝජනාවක්

colombotoday

චෝදනා හතක්… රාජිතට එරෙහිව විශ්වාසභංගයක්..!

colombotoday

දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා CID අත්අඩංගුවට

Admin

තෙල් නෑ ! හිටපු ජනපති පාපැදියෙන් පාර්ලිමේන්තු එයි (Photo)

colombotoday

වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මතුවෙයි

colombotoday