Colombo Today Local News

දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙයි

දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී කොළඹ සිට කිලෝමීටර් 200ක් පමණ බස්නාහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය.

සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 – 70 පමණ විය හැකි ය.

දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හා තද සුළං තත්ත්වයන් මෙන් ම රළු මුහුදු ප්‍රදේශ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 90 – 100දක්වා වැඩි විය හැකි බව ය.

මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට විමසිලිමත් වන්නැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ජාත්‍යන්තර කාලගුණ වාර්තා මෙතනින් 01 02

Related posts

හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරු අර්ජුන ඔබේසේකර ඉවත්වෙයි

colombotoday

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අද සිට විවෘත වේ

Admin

’’අයවැයෙන් අපිව ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක් රැගෙන ගියා’’

Admin

මැයි රැලියෙන් පසු මහ පෙරැළියක් !

colombotoday

මරණ දණ්ඩනයට නියම වූ පොලිස් නිලධාරීන්

Admin

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

colombotoday