රට බේරාගත් නායකයකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට උත්සහා කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස විරෝධය දක්වන බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගතහොත් රුහුණේ ජනතාව පොදි බැදන් කොළඹට එනු ඇති බවද හෙතෙම කියා සිටී.
අලුත්කඩේ අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සදහා එහි පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.